(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෑත් පිටුපසට කර ගැට ගැසා ඝාතනය කළ බවට සැක කරන නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් ඉංගිරියෙ රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී අද  පෙරවරුවේ හමුවූ බව ඉංගිරිය පොලීසිය කියයි.

වයස අවුරුදු 40 සහ 50 අතර පසුවන පුද්ගලයකු බවට සිතිය හැකි යැයි පොලීසිය කියයි.

එම පුද්ගලයාගේ දෑත් බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැටගසා තිබූ බව පොලීසිය කියයි.

උඩුකය නිරාවරණය තිබූ එම පුද්ගලයා කළු පාටට හුරු කලිසමක් හැඳ සිටින පොලීසිය කියයි.

කිසියම් ප්‍රදේශයක දී ඝාතනය කර අද අලුයම් කාලයේ දී මෙම ස්ථානයට ගෙනත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මීට දින කීපයකට ඉහතදී මෙම ස්ථානයට ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් කීපයක් ද පොලිසියට හමු විය.