
(එස්.ඩී.කොඩිකාර)
දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගල්දොළ මංසන්දිය ආසන්නයේ දී ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් රියදුරු අද (21) සවස මියගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දෙනියාය පාර,හිඟුරු පනාගල, කොටපොල ලිපිනයේ පදිංචි කංකානම් විතාරනගේ නලින් නැමති (47) හැවිරිදි ත්‍රී රෝද රථයේ රියදුරු බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇත.
අනතුර අද (21) ප.ව.5.15 ට පමණ සිදු වී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ලොරි රථය දෙනියාය ප්‍රදේශයේ පුද්ගලික සමාගමකට අයත් වෙළඳ සැලකට ආහාර ද්‍රව්‍ය තොගයක් බෙදා හැර නැවත යමින් සිටින අවස්ථාවේදී මොරවක ප්‍රදේශයේ සිට ඉදිරියට පැමිණි ත්‍රී රෝද රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි කොස් මෝදර පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.
2025 නොවැම්බර් මස 21
9
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දෙණියායේ වූ මාරක අනතුර