IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දඩ කොළය කඩිනම් කරන්න මෘදුකාංගයක්

(ගයාන් සූරියආරච්චි)

සී.සී.ටී.වී කැමරා මගින් රථවාහන වැරැදි නිරීක්ෂණය කර රථවාහන නඩු ලබා ගැනීම කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට සදහා උපකාරීවන නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලිසියට ප්‍රදානය කිරීම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද ඕල්කට් මාවත පිහිටි සී.සී.ටී.වී කොට්ඨාසයේදී සිදුකෙරිණි.

තාක්ෂණික දැනුම සම්බන්ධ ආයතනයක් වන ප්‍රීමා කළමනාකරණ ආයතනය විසින් එම මෘදුකාංගය පොලිසිය වෙත පිරිනැමූ අතර පොලිසිය සහ ප්‍රීමා කළමනාකරණ ආයතනය අතර ගිවිසුම් අත්සන් කිරීම නිල වශයෙන් එහිදී සිදුකෙරිණි.

ප්‍රීමා කළමනාකරණ ආයතනයේ සාමාන්‍යාධිකාරී ක්‍රිෂාන්ත පෙරේරා මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එම මෘදුකාංගය පිරිනැමූ අයුරු. පොලිස් සී.සී.ටී.වී කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති තිසර ගමලත්, සී.සී.ටී.වී කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙහි වෙති.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (6)

දඩ කොළය කඩිනම් කරන්න මෘදුකාංගයක්

තුෂාර Tuesday, 21 January 2025 07:15 PM

මාර්ග නීති රැකගෙන මෙහෙ පාරවල් වල යන්න නම් හෙට යන්න තියෙන ගමන අද යන්න වෙයි

:       11       11

kumaraWednesday, 22 January 2025 08:05 AM

වැදි යුගයේ වීදි සංචාරය කළ සුද්දෙක් යළි ඉපදිලා...

:       1       1

ජනරළ Tuesday, 21 January 2025 09:45 PM

දිගටම මේ රාජකාරිය කරන්න ගියොත් මේ රාලහාමිලගේ ඇසුත් නරක වෙයි බඩ ගෙඩිත් වැඩි වෙයි.

:       7       2

බකල ජයාWednesday, 22 January 2025 12:55 AM

ඇස් නම් මම දන්නෑ, බඩගෙඩි නං දැනටමත් නරක්වෙලා පාරෙදි කන ඒවට

:       0       5

Perera Wednesday, 22 January 2025 08:01 AM

CCTV වලින් මාර්ග නීතිය කඩන රියදුරන් අල්ලන වෙනත් රටවල් තියෙනවාද?

:       1       1

ජිල්බු Wednesday, 22 January 2025 01:56 PM

තියෙනවා.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site