(සුජිත් හේවාජුලිගේ )
රථවාහන වරදකට අල්ලාගත් තීරෝද රථ රියදුරකුට දඩ කොළයක් ලියා නොදීමට අල්ලස් වශයෙන් බනිස් ගෙඩි දෙකක් සහ ප්ලේන්ටි දෙකක් ඉල්ලා ලබා ගැනීමට උත්සාහ දරු අවස්ථාවේදී ත්‍රීරෝද රියේ නීතිඥවරියක සිටීමෙන් කලබලයට පත්වූ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඒ ආහාර පවා ගැනීම ප්‍රතික්ෂේප කර ත්‍රිරෝද රියද වහාම මුදා හැර ඒ ස්ථානයෙන් පිටව යෑමේ සිද්ධියක් මරදාන ප්‍රදේශයෙන් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරියක් කුලී ත්‍රිරෝද රියකින් එම දෙපාර්තමේන්තුවට ගමන් කරමින් සිටියාය.
පොලිස් නිලධාරීන් දෙදෙනකු මරදාන ප්‍රදේශයේදී එම ත්‍රිරෝද රිය නැවැත්තුවේ රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩ කොලයක් ලියා දීමටය.
රියදුරා පොලිස් නිලධාරීන් ඉදිරියේ බැගෑපත් වූයේය.
" හරි එහෙනම් තමුසෙට අපි විසඳුමක් දෙන්නම්. ඔය ළඟ තියෙන කඩේට ගිහිල්ලා බනිස් ගෙඩි දෙකකුයි ප්ලේන්ටි දෙකකුයි අරගෙන එනවා. ඒවා ගෙනත් දුන්නට පස්සේ තමුසෙට යන්න පුළුවන්" පොලිස් නිලධාරියෙක් ත්‍රීරෝද රථ රියදුරාට කීවේය.
ඒ අනුව රියදුරා ළඟ තිබු කඩේකට පයින්ම දිව ගියේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ නියෝගය පිළිපැදීමටය.
රියදුරුගේ ප්‍රමාදය නිසා ත්‍රී රෝද රථයේ සිටි නීතිඥවරිය බිමට බැස්සාය. ත්‍රිරෝද රියෙන් නීතිඥවරියක බිමට බැස සිටින බව ඇඳ සිටි සාරියෙන් හඳුනාගත් පොලිස් නිලධාරියෙක් වහාම ඇය සිටින ස්ථානයට ගොස් ඇය කවුදැයි විමසා සිටියේය.
ඇය තමා කවුදැයි මෙහිදී පොලිස් නිලධාරියාට හඳුන්වාදුන් අතර ඒ ප්‍රකාශයෙන් පොලිස් නිලධාරීන්ගේ ඉහ මොළ රත්වී ගියේය.
මෙහිදී කටහඬ අවදි කළ පොලිස් නිලධාරියෙක් " දැං ඔබතුමිය යන්නේ කොහොමද? අන්න අර මිනිහා අර පැත්තට දුවනවා දැක්කා" යනුවෙන් පැවසුවේ තරමක් කලබලයෙනි. ඒ ප්‍රකාශය කර ලොකු වේලාවක් ගත වූයේ නැත.
තීරෝද රථ රියදුරා බනිස් ගෙඩි දෙකක් සහ ප්ලේන්ටි දෙකක් රැගෙන ඒ ස්ථානයට පැමිණෙමින් සිටියේය. එහිදී කලබලයට පත් පොලිස් නිලධාරියා" "ඕවා මොනවාටද අයිසෙ අපිට. මේ නෝනා අරගෙන යනවා" යනුවෙන් පැවසුවේ ඇති වූ ලැජ්ජාව යටපත් කරගනිමිනි.
" ඇයි සර්... මම මේවා ගෙනාවෙ සර්ලා කිව්ව නිසානේ" ත්‍රී රෝද රථ රියදුරාගේ උත්තරයෙන් පොලිස් නිලධාරීහු තවත් ලැජ්ජාවට පත්වූහ. මේ අවස්ථාවේදී රියැදුරා " " හරි හරි කමක් නෑ මේවා ගන්නකෝ.."යනුවෙන් පවසා බනිස් ගෙඩි දෙක සහ ප්ලේන් ටී දෙක පොලිස් නිලධාරින් පැමිණ මෝටර් රිය ඇතුළට දමා ත්‍රීරෝද රිය පණ ගන්වාගෙන පිටව ගියේ වේගයෙනි. එසේ යන අවස්ථාවේදී සිදු වූ සියල්ල නීතිඥවරියට සැලකර සිටීමටද ත්‍රීරෝද රථ රියදුරා අමතක නොකළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තමයි ලංකාවේ "නීතිය" ක්‍රියාත්මක වෙන විදිය...
පොලිස් නිලධාරින් වුණත් මනුෂ්‍යයෝය ඔවුන්ටත් බඩගිනි දැනේය. ඇත්තටම මෙතැනදී සිදුවීම ඉතාමත් ශෝචනීයයි.. පොලිස්කාරයින් බඩගින්නේ ඉඳලා කියලා හිතෙනවා.. මුලින්ම නීති නිලධාරිනිය ඉදිරිපත් වුණා නම් ඔහොම වෙන්නේ නැහැ... පොලිසියේ දෙන්නාට කියන්න තිබුණා ඔවුන් අධිකව බඩගින්නේ ඉන්නේ කියලා...
කෝටි ගණන්වලින් දේශපාලකයෝ ගන්න අල්ලස් හොයන්න එක්කෙනෙක් නැහැ...
පව් නේද? අපේ පොලීසිය පත්වී ඇති තත්වය. ලැජ්ජාවේ බැහැ...
මෙය සිදුවුනේ 1981 කාලේ. පිටකොටුවේ බෝගහ ළඟදී මාව පොලිසියෙන් නැවැත්තුවා.. කට්ට අව්වේ වේලිවේලි සිටි රාලහාමී කෙනෙක් මගේ මොටර්සයිකලේ නැවැත්තුවා. වාහන බලපත්‍රය ළඟ තිබුණේ නැහැ. මගේ ලයිසන් එක තියාගෙන මට වාහන බලපත්‍රය ගෙනෙන්න කිව්වා. මම ගෙදර ඇවිත් වාහන බලපත්‍රය රැගෙනවිත් ඉදිරිපත් කළා මගේ ලයිෂන් එක ලැබුණා.. අව්වේ වේලිවේලි සිටි රාළහාමි දෙන්නා එක්ක ඔරේන්ජ් බාරලි බෝතලයක් බිව්වා. ඒ කලේ ඔරේන්ජ් බාර්ලි බෝතලයක් මතක හැටියට සත 35, සත 50ක් පමණ ඇති...
නීතිඥවරියත් ගාස්තුවට හරියන්න ත්‍රීවීලර් එකේ යන ගමනද දන්නේ නැහැ...
පොලිසිය පත්වෙලා ඉන්න තත්ත්වය ගැන දුකයි. බෝතලයක් හෝ 500ක් වත් ඉල්ලන්නේ නැතිව බනිස් 2යි ප්ලේන්ටියයි ඉල්ලන්නේ...?
පව්.. ඒ මිනිස්සු අපි වගේම දුක්විඳිනවා.. අනුකම්පා කරමු...!
බඩගෝස්තරවාදී පොලීසිය... පොලු අරගෙන කොල්ලන්ට, කෙල්ලන්ට ගහන්න නම් පැනලා එන්නේ...
රියදුරු වරදක් කළ නිසා ඔහු ගැනත් සිතා පුංචි පගාවක් ඉල්ලලා තියෙන්නේ... අල්ලසක් ගැනීම කොහෙත්ම අනුමත කරන්න බෑ. නමුත් මේකෙන් පැහැදිලි වන්නේ රටේ හැමෝම අසරණ වෙලා ඉන්න ආකාරය. ඔය පහළ නිලධාරීන් ජොබ් එක දාලා යන්න බැරි නිසා රාජකාරි කරනවා. ඒ මදිවාට ඉහළ නිලධාරීන්ගේ සියලු අවශ්‍යයතා සපුරන්න ඕනේ... බැනුම් අහන්න ඕනේ වෘත්තියේ කිසිඳු ගරුත්වයක් නෑ. අපි කතා කරන්න ඕනේ ප්‍රභූ පංතිය හා දේශපාලකයන් කරන ජඩ වැඩ ගැනයි.
එහෙම අතර මගද ට්‍රැෆික්වලට අහුවෙන කොට මගට ගෙන තමුන් ළඟ ඇති කන බොන දෙයක් ඔෆර් කළාම ඒකත් පිනක්...
රෑ තිස්සේ නිදි මරන්, බඩගින්නේ, වදුලු අස්සේ හැංගිලානෙ ඉන්නෙ. එහම අයට මොනවත් කන්න බොන්න දෙන එක හිඟන්නෙකුට දෙනවට වඩා පින් .එහෙම අතර මගද ට්‍රැෆික් වලට අහුවෙන කොට මගට ගෙන යන, තමුන් ළඟ ඇති කන බොන දෙයක් ඔෆර් කරන්න පටන් ගත්ත්තොත් දඩ ලියන එක ශුවර් නතර වෙයි
නැහැ සත්‍යපාල.. එවෙලේ නීතිඥවරිය ඒ අවස්ථාව මග හැර නොයා, එතුමිය ප්‍රශ්නය නිරාකරණය කරන්නේ ට්‍රැෆික් නිලධාරීන් නීතියට අසු කර දීලද අල්ලස් ගත් හෝ ඉල්ලූ වරදට... බඩගින්නට යමක් ඉල්ලූ දෙයක්නේ කියලා, මානුෂිකව සිතන්න ඇති කියලයි හිතෙන්නේ අනික ලොකු ප්‍රශ්නයක් වෙලත් නැහැනේ...
මේ නිලධාරීන් දෙදෙනා දැඩි සායෙන් පසුවී ඇති බව පැහැදිලියි. "ජිගච්ඡා පරමා රෝගා" බඩගින්න තරම් අසනීපයක් තවත් නොමැති බවයි.... ශාන්ති නායකයාණෝ දෙසා වදාලේ. මෙහි අවර ගණයේ සටහන් තබා ඇති පුස්සන්ට සහ පිස්සන්ට 100%ක්ම අනුකම්පා කරමු.
අපේ රටේ විතරක් නොවෙයි, රටේ ජනතාවගේ, රාජ්‍ය නිලධාරීන්ගේ අභිමානය මෙරට පාලනය කළ සියලු අයවලුන් විසින් නැතිකර හමාරයි ඉහළ රාජ්‍ය නිලධාරීන්ද මෙම ව්‍යසනයට සෘජුව වගකිව යුතුයි. මොවුන්ට රාජ්‍ය ධනය තම පුද්ගලික ධනය යැයි සිතා නානාවිධ පොරොන්දු වලින් ඡන්ද අල්ලස්වලට රැවටුණු අප රටේ ඡන්ද දායකයාට තවම හරියට පළදුන්නේ මෙම හොර හැත්තව මාරුවෙන් මාරුවට බලයට ගෙනත් කළ කරුමයයි. දේශපාලකයින් වැජඹෙනවා, ජනතාව වැනසෙනවා. මේ අපලය කරගත්තේ අපිමයි. මෙය වෙනස් කළ යුත්තේත් අපිමයි.