IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දිගම්පතහට කරදරයක් වු අන්ධ අලියා අල්ලා ගනී

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ සැරසරන අන්ධ අලියකුට ප්‍රතිකාර කිරීම සීගිරිය  වනජීවි නිලධාරීන් විසින්  ආරම්භ කර තිබේ.

වෙඩි  පහරවල් දහසකට අධික තුවාල සලකුණු සහිත මෙම අලියා පසුගිය දින කිහිපයේ දඹුල්ල හබරණ  ප්‍රධාන මාර්ගයේ  දිගම්පතහ,  හබරණ, මීගස්වැව, හිරිවඩුන්න, අවුඩන්ගාව යන ප්‍රදේශවල වෙළඳසැල් කඩා දමා එළවළු සහ පලතුරු ආහාරයට ගෙන ජන ජීවිතයට හානි සිදුකිරීම හේතුවෙන් ප්‍රදේශවාසීහු නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වූහ.

දින ගණනක් අලියා පළවා හැරීමට උත්සාහ කළ වනජීවි නිලධාරීහු පසුව අලියාව නිර්වින්දනය කර ප්‍රතිකාර කළ අතර ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන යන බව ද පැවසූහ.

තුවාල වේදනා හේතුවෙන් මේ අලියා මිනිස් වාසයට පැමිණ ඇති බවත් මිනිසුන් අලිවෙඩි පුපුරවාලීම නිසා අලියාගේ කන් ඇසීම පවා සීමා වී ඇති බවත් වනජීවී නිලධාරීහු කියති.

(කාංචන කුමාර ආරියදාස)



අදහස් (0)

දිගම්පතහට කරදරයක් වු අන්ධ අලියා අල්ලා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 351 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site