IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දිගන හොර සල්ලි සිද්ධියට චිත්‍රපට අධ්‍යක්ෂ,කලා අධ්‍යක්ෂ අත්අඩංගුවට

(ෂේන් සෙනෙවිරත්න)

දිගන ප්‍රදේශයේ රූගත කළ චිත්‍රපටියක අවශ්‍යතාවය සඳහා මුද්‍රණය කළ බව කියන ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු හතරක් රැගෙන භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාසල් සිසුන් හතර දෙනකු සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනයෙන් අනතුරුව එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ සහ කලා අධ්‍යක්ෂ අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර සහ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු වන අතර ඔවුන් 2021 වසරේදී චිත්‍රපටියක් නිෂ්පාදනය කොට ඇති අතර එම චිත්‍රපටයේ ජවනිකාවක අවශ්‍යතාවය සඳහා එම ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු මුද්‍රණය කොට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තෙල්දෙණිය ඉහළ පොලිස් නිලධාරියෙක්ගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ චිත්‍රපට ජවනිකා සඳහා එසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේදී ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයක් ගතයුතු බවයි.

මෙම චිත්‍රපටිය සඳහා මුදල් මුද්‍රණය කිරීමේදී එසේ අවසරයක් ගෙන නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පොලිසිය කියයි.

සිසුන්ට මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ලබා දුන් බව කියන පුද්ගලයාද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන සිදු කෙරෙමින් පවතී.

 



අදහස් (0)

දිගන හොර සල්ලි සිද්ධියට චිත්‍රපට අධ්‍යක්ෂ,කලා අධ්‍යක්ෂ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site