
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි.
ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ජයිකා ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් විය.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපානය ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය මෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට ජයිකා සංවිධානය බලාපොරොත්තු වන බව හාරා ෂෝහෙයි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන "Clean Sri Lanka" වැඩසටහන පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ උප සභාපතිවරයා එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිගටම සහය දෙන බව ජපානය කියයි
sam Wednesday, 08 January 2025 03:09 AM
හොඳයි, ජපානයට ස්තූතියි. කරුණාකරලා මේ වැටී ඇති ආර්ථිකය දියුණු කිරීමට මේ රජයට උදව් කරන්න