IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දක්ෂිණ අධිවේගයේ රාජකාරිකළ නිලධාරින් 16ක් මිලියන 2.07ක් වංචාකරලා

  (ජේ.කේ.එල්. චාමින්ද)

දක්ෂිණ අධිවේගි මාර්ගයේ  රාජකාරි සිදුකළ  නිලධාරින් 16 දෙනෙකු පසුගිය වසර දෙකයි හා  මාස අටක කාලය තුලදි (2021 වර්ෂයේ සිට 2023 අගෝස්තු දක්වා )  රුපියල් මිලියන 2.07ක මුදලක්  ඉක්මවා  වංචාකොට ඇති බවට අනාවරණය වි ඇති බැව්  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

 දක්ෂිණ  අධිවේගි මාර්ගයේ  දැනට භාවිතා කරණු ලබන අයකැමි පද්ධතිය  2011 වර්ෂයේ දි  තාවකාලිකව ස්ථාපනය කරණු ලැබු පද්ධතියකි.

නවින  තාක්ෂණය අනුව  ගෙවිම් සිදුකළ හැකි මෘදුකාංග පද්ධතියක්  ස්ථාපිත කිරිමට  2023 වර්ෂය අවසන්වන විටත් මාර්ග සංවර්ධන  අධිකාරිය මගින්  කටයුතු නොකිරිම නිසා මෙම තත්ත්වය උදාවි ඇති බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.

 ස්වයංක්‍රිය ගෙට්ටු වැසිමට හා විවෘත කිරිමට ක්‍රම වේදයක්  ස්ථාපිත කොට  වංචා අවම කිරිමට කටයුතු කර ඇති බව  විගණනය වෙත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දන්වා තිබුණි.

එහෙත් ස්විචයක් මගින්  ගේට්ටු  විවෘත කිරිම හා වැසිම සිදුකරණ අවස්ථා  නිරික්ෂණය වි ඇති බවද  විගණන වාර්තාවේ සදහන් වේ.

 

 



අදහස් (7)

දක්ෂිණ අධිවේගයේ රාජකාරිකළ නිලධාරින් 16ක් මිලියන 2.07ක් වංචාකරලා

Thasmila Rithosha Tuesday, 30 July 2024 10:53 AM

දේශපාලනයට විතරක් චෝදනා කරන්න එපා . ඔය ඉන්නේ යස අගේට සාමාන්‍ය මිනිස්සු කියන කඹ හොරු .අනිවාර්යයෙන්ම ඔය කණ්ඩායමේ 3% ගෝලයෝ ඇති

:       0       0

dasun Tuesday, 30 July 2024 11:11 AM

වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න

:       0       0

සෙනෙවිරත්න Tuesday, 30 July 2024 12:07 PM

හොරකම් කරන්න ඉඩදීමයි රජයේ සමහර වැඩ අනුව පේන්නෙ. ඇමැතිල සේවකයෝ පුරවනවා, උන්ට පඩි ගෙව්වාම නවීන තාක්ෂණය හඳුන්වා දෙන්න මුදල් නැහැ අනෙක සේවකයොත් වැඩක් නැහැ, ඕකයි රහස.

:       0       0

Chinthaka Herath Tuesday, 30 July 2024 12:30 PM

කාඩ් පේමන්ට් කරන්න දුන්නානම් ඕවා ගොඩක් දුරට විසදෙනවා.

:       0       0

Sarasi Tuesday, 30 July 2024 01:11 PM

අදිවේගේ හදද්දීද වංචාකරලා තියෙන්නේ. දඩ ගහලා හිරදඩුවම් දෙන්න තියෙන්නේ.

:       0       0

කොලඹ ගොඩය Tuesday, 30 July 2024 01:28 PM

පෑලියගොඩ ඇතුළු වෙලා කටුනායක පිට වෙන අය හුඟක් වෙලාවට ටිකට් දෙන කම් ඉන්නෙ නැහැ. කටුනායක ඇතුළු වෙලා පෑලියගොඩ පිට වෙන අයත් එහෙමයි. එත කොට මේ ගොල්ලො ඒ සල්ලි සාක්කුවට දාගන්නවා.

:       0       0

Gamini Tuesday, 30 July 2024 07:47 PM

ඕකෙ ඉන්න වැඩි කොටසක් නාමල්ග‍ේ නිල් බලකායේ අය.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site