
(සුජිත් හේවාජුලිගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම අසල මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා කඩවත දෙසින් එන කුඩා වාහනවලට ඉන් පිටවීමටත් එම පිවිසුමෙන් ඇතුළුවීමටත් හැකියාවක් නොමැති බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩ වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා පවසයි.
මේ තත්වය නිසා එම පිවිසුම මඟ හැර වෙනත් විකල්ප පිවිසුම් පාවිච්චි කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය කඩවත දෙස සිට පැමිණෙන රථ වාහනවල රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි .
කඩුවෙල පිවිසුම අසල මාර්ග රැසක් මෙසේ යටවී ඇත්තේ පසුගිය දිනවල ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසාය.
මේ අතර වැසි සහිත කාලගුණ තත්වය නිසා අධිවේගී මාර්ගවල නියමිත වේග සීමා පවත්වාගෙන යමින් සිය වාහන ධාවනය කරන්නැයි අධිවේගී මාර්ග පාලන අංශ නිලධාරීහු සියලු රියදුරන්ගෙන් ඉල්ලීමක් කරති .
(ඡායාරූප: දමිත් වික්‍රමසිංහ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩුවෙල අන්තර් හුවමාරුව, දක්ෂිණ අධිවේගී මාර්ගය ලෙස සඳහන් කිරීම වැරදියි. කොට්ටාව සිට කෙරවලපිටිය දක්වා කොටස පිටත වටරවුම් අධිවේගී මාර්ගය ලෙස සඳහන් විය යුතුයි. ස්තූතියි...!!!