(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 17 දශම.2 මිල්ලනිය ප්‍රදේශයේ දී නවතා තිබූ ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් ලොරි රියදුරු මියගොස් වෑන් රථයේ ගමන්ගත් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි.
අනතුරින් මියගොස් ඇත්තේ කරන්දෙනිය බංගලා පාර,අමරකීර්ති ගම පදිංචිව සිටි ඉෂාර නයන් ජයරත්න නැමති 28 හැවිරිදි පුද්ගලයෙකි.
තුවාල ලැබූවන් අතර බහුතරයක් දෙනා කාන්තාවන් බව පොලිසිය සඳහන් කරයි.
නිවසක බඩුබාහිරාදිය අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල දෙසට ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයේ රියදුරුට ශාරීරික අවශ්‍යතාවක් ඇතිවී කිලෝමීටර් 17. දශම 2 කණුව අසල වම්පස තීරුවේ ලොරිය නවතා ලොරියෙන් බැස මැද හරිය වන්නට හිටගෙන සිටියදී , පොල්ගහවෙල ප්‍රදේශයේ පිංකමකට සහභාගි වූ පිරිසක් රැගෙන මතුගම බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථය ලොරි රථයේ පිටුපස ගැටී ලොරි රියදුරු ලොරියට සහ ආරක්ෂිත වැටට සිරවීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලීස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරක් සමඟ වහා ක්‍රියාත්මක වූ අධිවේගී මාර්ගයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, ගැලනිගම රථවාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් වහා එම ස්ථානයට පැමිණ අනතුරින් තුවාල ලැබූවන් නාගොඩ සහ හොරණ මූලික රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය පාරේ එලවන සමහර "පිස්සු පූසෝ " අදිවේගේ එලවන්න දන්නේ නැහැ හැගීමක් නැහැ මේකත් ඒවගේ දෙකට හොඳම නිදසුනක් නැත්නම් නවත්තල තියන වාහනේක පස්සෙන් ගිහින් අනින්න තරම් නොසැලකිල්ලක් ? අපරාදේ අහිංසක ජීවිත මේකේ යන කාටත් මේ කියන්නේ ඔබට අදිවේගී මාර්ග වල වාහන එළවල් අත් දැකීම් නැත්නම් හරි අඩු නම් හරි ඉතාමත් පරිස්සමෙන් යන්න දීල තියන වේග සීමාව ගැන සැලකිලිමත් වෙන්න වාහනේ යාන්ත්‍රික තත්වය ගැන සැලකිල්ලෙන් ඉන්න ( සාමාන්යපාරවල දුවනවිදියට ගෙවුන ටයර් , බාගෙට වැඩකරන තිරිංග . තියාගෙන අදි වේගේ යන්න එපා එක ඔබ ඔබේ වගේම අනිත් අය ගේත් ජීවිත අනතුරේ හෙලීමක් )