(සුමතිපාල දීයගහගේ)
දකුණු පළාතට අයත් ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන් ඉකුත් 24 පැයේ කොරෝනා ආසාදිතයින් 1292 දෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්ධන මෙහෙයුම් මැදිරියේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ඒ අනුව දකුණේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 41848 දක්වා ඉහළ ගොස් ඇත. ගාල්ලෙන් ආසාදිතයින් 594 ක් මාතරින් 323 ක් හම්බන්තොටින් 352 ක් වශයෙන් එම ආසාදියන් හඳුනාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ “සියළුම වර්ගවල ආගමික ස්ථානවල” ඇති මුදල් සම්භාරය සහ , එම ආගමික ස්ථානවලට අරක්ගෙන ඉන්නා පූජ්‍ය / පූජක බහිරවයන් සතු මුදල්වල එකතුව “රුපියල් බිලියන 100 කට වඩා වැඩි” බව ? ( දළ වශයෙන් ) රජයේ බදු සහ මහා භාණ්ඩාගාරයට වාර්ශිකව ගෙවිය යුතු මුදල් ගෙවීම පැහැර හැර තමන්ගේ සහ තම පවුල්වල ශුභ සිද්ධියට පාවිච්චි කරන බව ? ආගමේ නාමයෙන් මිනිසුන් අපායට දක්කාගෙන යන බව ? මේ මහා ධනස්කන්ධයෙන් කොවිඩ් වසංගතයෙන් බැට කන ජනතාව වෙනුවෙන් සහ රජය ගෙනයන කෝවිඩ් මර්ධන වැඩපිළිවෙලට ලබා දී ඇත්තේ කොපමණ සුළු මුදලක්ද ? සියළුම ආගම්වලට අයත් මෝඩ බැතිමතුනි, දැන්වත් බුද්ධියෙන් හිතන්න !!!