(ටී.කේ.ජී.කපිල)
දකුණු කොරියාවේ සිට අද(10) අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන් මගීන් පිරිසක්, මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන යාමට බලධාරීහු පියවර ගත්හ.
ඔවුහු නීරෝධායනය සඳහා යොමුකරන ප්‍රථම ගුවන් මගී කණ්ඩායම වෙති.
එහි ශ්‍රී ලාංකික ගුවන් මගීහු 164 ක් සහ කොරියානු ජාතික ගුවන් මගීහු දෙදෙනෙක් සිටියහ.
ඒ සම්බන්ධව කටයුතු කරන නිලධාරීහු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සපයා තිබූ බස් රථ 5 ක් මගින් ඔවුන් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන ගියහ.
(ඡායාරූප - නිමල් ජයරත්න)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කොරෝනා අසාධිතයින් හෝ එසේයැයි සැක කරන්නන් මඩකලපු යවන්න සල්ලි වියදම් කරන්නේ. යවන්න පාර්ලිමේන්තුවට. මේ දවස්වල එක වහලනේ තියෙන්නේ.
දැන් මෙය චීනයේ, කොරියාවේ හෝ ඉතාලියේ පමණක් ප්‍රශ්නයක් නොවේ. මානව වර්ගයා ගෝලීය වශයෙන් මුහුණ දී ඇති ප්‍රශ්නයක්. ලෝකයේ රටවල් වලින් අඩකට, ලෝක ජනගහනයෙන් 80% ක් ජිවත් වන ප්‍රදේශයකට දැන් මෙය පැතිරී තිබෙනවා. බුද්ධිමත්ව කටයුතු නොකලොත් මානව සංහතියම අනතුරේ. අනවශ්‍ය ලෙස කලබල නොවී ඉදිරියේ පැමිණිය හැකි ඕනෑම දරුණු තත්වයකට මුහුණ දීම සදහා අප සුදානම් විය යුතුයි. චීනය ඉතාමත් සැලසුම් සහගතව හා සාමුහිකව මෙයට මුහුණ දුන් නිසා අද වන විට යම් කිසි මට්ටමකින් මෙය පාලනය කර ගැනීමට සමත් වී සිටිනවා. එකාවන්ව සාමුහිකව සිටිය යුතු මේ අවස්ථාවේ අපේ රටේ මහ මැතිවරණයක් පැවැත්වීම නුවණට හුරු දෙයක්ද කියා නැවත කල්පනා කර බැලිය යුතුයි.
අපේ රටේ ආර්ථිකය රදා පවතින්නේ විදේශගත ශ්‍රමිකයින් එවන මුදලින්. මේ අය අපේ රටේ පුරවැසියන්. ඔවුන් කරදරයට පත් වූ විට පිහිට වීම අපේ යුතුකම නොවේද? කොරෝනා වලට වඩා භයානක මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පොහොට්ටුවේ දේශපාලකයින් මුල් වී ඔවුන් මව්බිමට පැමිණීමට විරුද්ධව කරන උද්ඝෝෂණ පිළිකුල් සහගතයි.
ෂරියා දැන් හරිද? ඕවා අන්තවාදී හම්බ සල්ලි කිය කිය කෑ ගැහුවා නේද?කුකුල් බෙට්ටත් බෙහෙතට ඕනෙ වෙනවා කියන්නේ ඕකට තමා.
දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයින් මඩකලපු ශරියා විශ්වවිද්‍යාලයටත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයටත් යොමු කිරීමේදී ඔවුන්ගෙන් රුපියල් 7,500ක මුදලක් අය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතිබව වාර්තා වෙනවා.ඔවුන්ගේ ආහාර සඳහා මෙම මුදල අය කරන බව පැවසෙන අතර පානීය ජලය ද ඔවුන් විසින් වෙනම මුදල් ගෙවා මිලදී ගත යුතුව ඇති බවද කියනවා. එම පිරිස් කටුනායක සිට මඩකලපුවට යැවීම සඳහා නිසි වැඩපිළිවෙලක් සුදානම් කර නොතිබීම නිසා ඉමහත් අපහසුතාවයට පත්ව ඇති අන්දම පෙන්වන සජීවී වීඩියෝ පටයක් දැනට අන්තර් ජාලයේ සංසරණය වෙනවා. එහි ආපසු පැමිණි පිරිස් ගෙනා ගමන් මලු අධික වීම නිසා අවශ්‍ය තරම් වාහන ලබාගැනීම ප්‍රමාදවිමෙන් සියලුම දෙනා කිසිදු පිළිසරණක් නොමැතිව පැය ගණනක් අසරණව සිටිනු දක්නටපුළුවන්."කෝටි ගණන් මුදල් වැය කරමින් අධ්‍යාපනය සඳහා චීනයට ගොස් සිටි ඉහළ පවුල්වල සාමාජිකයින් විශේෂ ගුවන්යානා යවා නොමිලේම ගෙන්වාගෙන සියලු සැප පහසුකම් ලබාදුන් ආණ්ඩුවක් මෙසේ විදෙස් රැකියාවල නිරත වී සිටි සාමාන්‍ය ජනතාවගෙන් ආහාර සහ ජලය සඳහාත් මුදල් ඉල්ලීමෙන් ඔවුන් බෙදන්නාවූ හැඳි දෙක මනාව පෙන්නුම් කෙරෙන බව" සමහරු චෝදනා කර නවා.
දේශප්‍රේමී,, පුහු, රට විරුවන් පහුගිය කාලේ දඟලපු දඟලිල්ලට මම නම් හිතුවා ඔහොම වෙයි කියලා. තමන් දුක් මහන්සියෙන් හරිහම්බ කරන දේ තමන් වෙනුවෙන් අරපිරිමැස්මෙන් පරිහරණය නොකොට, දේශපාලන තක්කඩියන්ගේ ඉච්චා බස් වලට රැවටිලා, මෝඩ චුන් රැගෙන අතපය දිගහැරලා විවිධ සංවිධානාත්මක මුදල් ලබාදෙමේ, ප්‍රතිපල දැන් ලැබී තියනවා. " තම හිසට තම අතමය සෙවනැල්ල" කියන දේ ඉගෙන ගෙන රුපියල් 7500ක් ගෙවලා නිරෝධනය වෙන්න. අනුන්ගේ විපතින් ගානක් පොකට් එකට දා ගැනීම සිරි ලාංකිකයින්ගේ චර්යාව බව අවබෝධ කර ගන්න. දැන් සැපද!!
අගෞරව කළ හිස්බුල්ලා මැතිතුමාට පින් දීලා ඔතන මේ දින ටිකේ හොඳින් ඉන්න. උද්දච්ජකමට කෑ ගැහුවට ඵලක් නැහැ. තමන් කවුද කියන දේ අවබෝධ කරගෙන විනීතව හැසිරෙන්න පුරුදු වෙන්න. ශ්‍රී ලංකික ජනතාවගේ මුදල් සොරකම් නොකොට, මැදපෙරදිග රටවල අධාරයෙන් හිස්බුල්ලා මහතා විසින් ඉදිකළ මේ ගොඩනැගිල්ල වනසා දමන්නේ නැතිව නිසි ලෙස පාවිච්චි කරන්න. "කාපු පතේ පහරන්න" නම් එපා. මෙය කාරුණික ඉල්ලීමක්.