(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු කොරියාවට හදිසි හමුදා නීතිය පනවන බව ජනාධිපති යුන් සුක් යෝල් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් අද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා හමුදා නීතිය පැනවීමත් සමග දකුණු කොරියානු පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ට ඇතුළුවීමට නොහැකි පරිද්දෙන් මාර්ග බාධක යොදා වසා දැමීමට එරට පොලිසිය කටයුතු කළ අතර විශේෂ බළකා සෙබළුන් පාර්ලිමේන්තුව තුළට බලෙන් ඇතුළු විය.
විරුද්ධ පක්ෂයේ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමටත් උතුරු කොරියානු කොමියුනිස්ට් බලවේගයන්ගෙන් දකුණු කොරියාවට එල්ල වන තර්ජන වලින් රට ආරක්ෂා කර ගැනීමටත් හමුදා නීතිය පැනවීමට තීරණය කළ බව ජනාධිපතිවරයා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පැවැසුවේය.
හමුදා නීතිය යටතේ නැවත වරක් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී දකුණු කොරියාවක් ගොඩනැගීමට කටයුතු කරන බවද එහිදී ඔහු ප්‍රකාශ කළේය. රාජ්‍ය විරෝධීන් රටතුළ නොසන්සුන් තත්වයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් එවැනි තත්වයක් මත දකුණු කොරියානු ජනතාවගේ නිදහස හා ආරක්ෂාව සහතික කිරීම සඳහා හමුදා නීතිය පැනවීමට සිදුවූ බවත් ජනාධිපති යුන් සුක් යෝල් පැවැසුවේය.
දකුණු කොරියානු පාර්ලිමේන්තුව ජාතික මෙහෙයුම්, මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්වීම සහ මහජන ආරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය අයවැය සම්පූර්ණයෙන්ම කප්පාදු කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.ඉන් රාජ්‍යයේ මූලික කාර්යයන් හෑල්ලුවට ලක්වී රට කඩා වැටීමට ලක්වී ඇති බවද ඔහු සඳහන් කළේය.
හමුදා නීතිය ඉවත්කරන තුරු ජෙනරාල් පාර්ක් අන් සෝ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරනු ඇති බවද ජනාධිපතිවරයා එහිදී පැවැසුවේය.
දකුණු කොරියානු පාර්ලිමේන්තුව, ප්‍රාදේශීය සභා, දේශපාලන පක්ෂ, සහ දේශපාලන සංගම් මෙන්ම රැස්වීම්, පෙළපාලි ඇතුළුව, සියලුම දේශපාලන ක්‍රියාකාරකම් හමුදා නීතිය ඉවත් කරන තුරු තහනම් බව හමුදා නීතිය පැනවීමෙන් පසුව ජෙනරාල් පාර්ක් අන් සෝ වත්මන් තත්වය පැහැදිලි කරමින් ප්‍රකාශ කළේය.
හමුදා නීතිය පැනවීමත් සමග දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඉදිරිපිටට රැස්වන ලෙස දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයේ නායක ලී ජේ මියුන්ග් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීමත් සමග දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඉදිරිපිටට ජනතාව විශාල වශයෙන් එක්රැස් වූ අතර ඔවුන් හමුදාව සහ පොලිසිය පසු කරමින් පාර්ලිමේන්තුව ඇතුළුවීමට උත්සාහ කළේය.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දකුණු කොරියාවට හමදා නීතිය පනවයි
පම්පෝරි ජනක Wednesday, 04 December 2024 09:08 AM
ලංකාවේ ටික්ටෝක් කරන නංගිලා ඇන්ටිලා තමයි මේ ප්‍රවෘත්තිය නිසා හුඟක් ම බය වෙලා ඇත්තේ