
(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය වසරේ දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන ස්වාධින විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස නැවත වතාවක් දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යෝල් අත් අඩංගුවට ගෙන ඇත.
යෝල් අත් අඩංගුවට ගැනීම සඳහා සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය අද (10) වරෙන්තුවක් නිකුත් කර තිබේ. හිටපු ජනාධිපතිවරයා චෝදනාවට අදාළ සාක්ෂි විනාශ කරන සැක මතුවීම හේතුවෙන් පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරුන් කළ ඉල්ලීමක් මත යෝල් නැවත වරක් අත් අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
හමුදා නිතිය පැනවීම හේතුවෙන් යූන් සුක් යෝල්ට සිය ජනාධිපති ධුරයද අහිමි වූ අතර ප්‍රථම වතාවට පසුගිය ජනවාරි මාසයේදී අත් අඩංගුවට පත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සෞභාග්‍ය උදාකරපු අපේ හිටපු ජනපතිලා තාමත් එළියේ ඉඳගෙන ආතල් දෙනවා
හැමදාම අපට දකින්න අහන්න ලැබෙන්නේ, වෙන රටවල හිටපු ජනපතිවරු අත් අඩංගුවට ගත්තා කියලා විතරයි. මොකද අපේ රටේ හිටපු ඌරු මීයන් හොඳ සුද්ධවන්තයෝ නිසාද? උන් රොත්ත බුරුත් පටින් තවම එළියෙ ජෝගි දමමින් ඉන්නවද?
ඒකට ලංකාවේ තියෙන නීති පද්ධතියේ දුර්වලතාවන් නිසා අද, චන්ද්‍රිකා ඉදන් රනිල් වික්‍රමසිංහ වෙනකං තවමත් නිදැල්ලේ. දකුණු කොරියාව ලෝකයේ මුඩුක්කු රටක් සිට දියුණු සංවර්ධිත රටක් වුනේ ඇයි? අනිත් දේ එහේ පුරවැසින් ලංකාවේ බයියෝ ටොයියෝ වගේ වහල් මානසිකත්වයක් නෑ.
තව අවුරුදු කීපයකින් මේ නිව්ස් එක අපේ පත්තර වලත් යයි. හිර මැදිරියට පරණ කන්ටේනර් පෙට්ටියක් ගමු.