(ගයාන් සූරියආරච්චි)

පොලිස් අධිකාරීවරයකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම ස්ථාන මාරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව පොලිස් අධිකාරී ඩී.ආර්.එස්. ධර්මදාස මහතා මන්නාරම කොට්ඨාසයේ සිටි මහනුවර කොට්ඨාසයටත්, සහකාර පොලිස් අධිකාරීවරුන් වන කේ.එල්.ඒ.ටී.එස්. ජයසිංහ මහතා ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සිටි නිල සුනඛ කොට්ඨාසයටත්, එන්.පී.එන්. සුරවීර මහතා සංචාරක කොට්ඨාසයේ සිට නුවරඑළිය කොට්ඨාසයටත්, එස්.පී. එදිරිසිංහ මහතා කැබිතිගොල්ලෑව කොට්ඨසයේ සිට පොළොන්නරුව කොට්ඨාසයටත්, කේ.ආර්.ඒ. ප්‍රියන්ත මහතා සේවස්ථ පුහුණු කොට්ඨාසයේ සිට මුලතිව් කොට්ඨාසයටත් මාරු කර යවා ඇත.

තවද පී.එම්.සී.ආර්. තෙන්නකෝන් මහතා ඇල්පිටියේ කොට්ඨාසයේ සිට අනුරාධපුර කොට්ඨාසයටත්, එම්. අබේසිංහ මහතා නීති කොට්ඨාසයේ සිට මන්නාර කෝට්ඨාසයටත්, ඩබ්.ජේ.බී. ප්‍රනාන්දු මහතා මුලතිව් කොට්ඨාසයේ සිට සේවස්ථ පුහුණු කොට්ඨාසයටත් ස්ථාන මාරු ලබාදී ඇත.

එමෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස කටයුතු කරන ස්ථානාධිපතිවරුන් 14 දෙනකුටද මෙසේ ස්ථාන මාරු ලබාදී ඇත. ඒ අනුව රාගම, මාතලේ, නවගමුව, ඉලවාලි, කෑගල්ල, ගොඩකවෙළ, මඩු, වැලිමඩ, තලංගම, බෙලිඅත්ත, මුලතිව් යන පොලිස් ස්ථානාවල ස්ථානාධිපතිවරුන් මෙසේ මාරුකර යවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි.