
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති නිල නිවසේ ඇති වුණු උණුසුම්කාරී තත්ත්වයකින් පසුවය.
යූන් සුක් යූල්, යුද නීතිය ප්‍රකාශයට පත් කරද්දී, එය පක්ෂ විපක්ෂ සැමගේ විරෝධයට හේතුවක් විය. දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ගෙන ඒම සිදුවූයේ ඉන් පසුවය. යූන් සුක් යූල් එයින් පරාජය වූ අතර ඔහුගේ ජනාධිපති බලතල අත්හිටුවීම සිදුවිය. යූන් සුක් යූල් නියෝජනය කරන්නේ ‘ජනතා බලය’ පක්ෂයයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම සහ තවත් දූෂණ චෝදනා මුල්කොට ගනිමින් යූල්, අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණු නමුත් අවස්ථා කීපයකදී එය කළ නොහැකි විය.
කෙසේ නමුත් අද (15) උදෑසන, අධිකරණය නිකුත් කර තිබුණු වරෙන්තුවට අනුව ක්‍රියා කරමින්, දූෂණ විමර්ශන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදී, ජනාධිපතිවරයාගේ පාක්ෂිකයන් සමඟ ගැටීමෙන් ද පසු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත්තේය.
‘ජනතා බලය’ පාක්ෂිකයන්ගෙන් බාධා එල්ල වෙද්දී, දූෂණ විමර්ශන කාර්යාලයේ නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් ද ඉනිමං යොදා ගනිමින් ජනේලවලින් පවා ජනපති නිවසට ඇතුළු වුණු බව ද පැවැසෙයි. දකුණු කොරියාවේ ජනාධිපතිවරයකු මේ අයුරින් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කජු සීයා තව අවුරදු කිහිපයක් බලයේ හිටියා නම් එයත් යන්නේ ඔහොම තමයි
ගෝඨාභය අවුරුදු 2ක් කරලා පස්ස දොරෙන් දිව්වේ...