IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දකුණු කොරියා වැඩ බලන ජනපතිවත් ධුරයෙන් එළවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් දෝෂාභියෝගයෙන් පාරජයට පත්කර ධුරයෙන් නෙරපිමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කළ අග්‍රාමාත්‍ය හන් ඩක් සෝ වද එරට පාර්ලිමේන්තුව අද (27) දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරයෙන් නෙරපා හැර ඇත.

"අග්‍රාමාත්‍ය හන් ඩක් සෝට එරෙහිව ගෙන ආ දෝෂාභියෝග යෝජනාව සම්මත වුණා. ඡන්දය ප්‍රකාශ කළ නීති සම්පාදකයින් 192 ගෙන් 192 දෙදෙනාම එයට පක්ෂව ඡන්දය පාවිච්චි කරලා තියෙනවා." දෝෂාභියෝග යෝජනාව පිළිබඳ පැවැති ඡන්ද විමසීමේ ප්‍රතිඵල නීති සම්පාදකයින් වෙත දැනුම් දෙමින් එරට පාර්ලිමේන්තුවේ කතානායක වෝ වොන් ෂික් පැවැසුවේය.

දකුණු කොරියානු හිටපු ජනාධිපති යුන් සුක් යෝල් යුද නීතිය ප්‍රකාශයට පත් කරමින් දියත් කළ කැරැල්ලට සහයෝගය ලබාදෙන බව පවසමින් හන් ඩක් සෝට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට විපක්ෂය කටයුතු කළේය. දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝගය සම්පූර්ණ කිරීමට හන් ඩක් සෝ මැලිකමක් දක්වන බව විපක්ෂයේ චෝදනාව විය.



අදහස් (1)

දකුණු කොරියා වැඩ බලන ජනපතිවත් ධුරයෙන් එළවයි

Lalla Saturday, 28 December 2024 10:12 AM

ඒ කට්ටිය ගෝඨා ගෝ ගමට වඩා රාජ්‍ය තාන්ත්‍රික භාවය ඉහළයි නේද?අනාගත පරපුරට උදාහරණ ගන්න හොඳයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site