
උතුරු කොරියාවෙන් ආ කසල බැලූනයක්, දකුණු කොරියානු ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බව, දකුණු කොරියානු ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බැලූනය රැගෙන ආ අපද්‍රව්‍ය අතරේ, කිසිදු අහිතකර දෙයක් නොතිබුණු බව ද දකුණු කොරියානු ජනාධිපති ආරක්ෂක අංශය එම කසල පරීක්ෂා කිරීමෙන් පසු පැවැසීය.
උතුරු කොරියාව, එරට කසල මලුවල පුරවා, බැලූන ආධාරයෙන්, දේශසීමා හරහා, දකුණු කොරියාව දෙසට පාවීමට සැලැස්වීම සිදු කරන්නේ පසුගිය මැයි මාසයේ සිටය.
දකුණු කොරියානු ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ඊට පිවිසෙන එවැනි බැලූනවලට දකුණු කොරියාව වෙඩි තැබීම ද සිදු කරයි.
කෙසේ නමුත් රේඩාර්වලට ද හසු නොවී, මෙම නවතම කසල බැලූනය සෝල් අගනුවර දක්වා පාවී ආ බවත් එය, යොංග්සැන් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බවත් දකුණු කොරියානු ආරක්ෂක අංශ පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1342
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
477
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දකුණු කොරියා ජනපති මැදුරට කුණු දාලා
බකල ජයා Friday, 25 October 2024 07:13 AM
මුල් ළමාවිය සංවර්ධන නොවුන රාජ්‍ය නායකයෙක්ගේ ළදරු වැඩ. අනුරට ඡන්ද ටිකක් අඩුවුනා නම් අපිටත් ඒ වගේ කෙනෙකු යටතේ ජීවත්වෙන්න වාසනාව උදාවෙන්න තිබුණා.