
(ගයාන් සූරියආරච්චි)
ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ දකුණු ඉන්දියාවේ ගෝත්‍රි 5 ක් අතර ජානමය සමානකම් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති.
ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සන්තාල්, ජුවාං යන ගෝත්‍රිකයන් සහ කර්නාටක, කේරළ සහ තමිල්නාඩුවේ දක්නට ලැබෙන ඉරුල, පනියා සහ පල්ලර් යන ද්‍රවිඩ ගෝත්‍රික ජනතාව අතර දැඩි ජානමය සමානකම් පවතින බව විද්‍යාඥයෝ පවසති.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛවරසායන, අණුක ජෛවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයෙහි ආචාර්ය රුවන්දි රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පර්යේෂණයට සම්මානිත මහාචාර්ය කමනී තෙන්නකෝන්, මහාචාර්ය ගාමිණී අධිකාරි, අංජලා වැලිකල සහ අමාලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු මෙම පර්යේෂණ සිදුකළහ.
ශ්‍රී ලංකාවේ ජීවත්වන වැදි ජනතාවගෙන් තෝරාගත් නිරෝගී පුද්ගලයන් 37 දෙනකුගෙන් ලබා ගත් රුධිර සාම්පල්වලින් නිස්සාරණය කරගත් ප්‍රවේණි කොටස් ඉන්දියාවේ ගෝත්‍රික ජනතාවගේ ප්‍රවේණි කොටස් සමග සංසදනය කිරීමෙන් අනතුරුව වැදි ජනතාව සහ දකුණු ඉන්දියානු ගෝත්‍රිකයන් අතර ජානමය සමානකම් පවතින බව පර්යේෂණ කණ්ඩායමට තහවුරුවී තිබේ.
පර්යේෂණ කණ්ඩායම අධ්‍යයන කළ මෙම පර්යේෂණය මයිටොකොන්ඩියන් විද්‍යාත්මක සඟරාවේ පළකර ඇති අතර ශ්‍රී ලංකාවේ සිංහල හෝ දෙමළ ජනගහනයට වඩා වැදි ජනතාව සියවස් ගණනාවක් පුරා මෙම ගෝත්‍ර පහ සමග ජානමය සමානකම් පැවැත තිබූ බව පර්යේෂණයෙන් අනාවරණයවී තිබේ.
මීට වසර 2 කට පමණ පෙර සිට මෙම පර්යේෂණය විද්‍යාඥයන් සිදුකරමින් පැවැති අතර මීට පෙර සිදුකළ අධ්‍යයනකදී ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහල යන ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර සමජීතීය බැඳීමක් පවතින බවද පර්යේෂණ කණ්ඩායම තහවුරු කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ලංකාවේ අය ඉන්දියාවේ ගිහින් ජනවාස පිහිටෙව්වා. ඉතිං ලංකාවේ ලේ ඇති ඔවුන්ගේ...!
ඉතාමත් හොඳ විද්‍යාත්මක පර්‍යේෂණයක්. ඉන්දියාව සහ ලංකාව අතර පවතින සම සම්බන්ධතාව තවදුරටත් මින් තහවුරු වෙනවා.
ප්‍රභාකරන් කියපු දේ හරි...!
අප්‍රිකාවෙන් බිහිවුන මානවකයා ආසියාවටත්, යුරෝපයටත්, යුරෝපයෙන් පෙරදිගටත් සංක්‍රමණය විය. පසුව විවිධ ජනවර්ගවලට ශිෂ්ඨාචාරය සමග බෙදුණද මොවුන් පැවැත එන්නේ එකම තැනකිනි. මෙම පරීක්ෂණයෙන් නිගමනය වන්නේ ආසන්නතම කාලයට සම්බන්ධතාවයන්ය.
මේක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවේ.ඉන්දියානු උප මහද්වීපයේ ජනතාව ප්‍රධාන ජන වර්ග තුනක සංකලනයක්. පළමු කාන්ඩය වැද්දන් වැනි දඩයම් කාණ්ඩය.දෙවන කොටස ඉරානීය ගොවීන් (ද්‍රවිඩයන්).තුන්වන කොටස මධ්‍යම ආසියානු ගොපල්ලන් (ආර්යයන්).අප සියලු දෙනා අඩු වැඩි වශයෙන් මේ තුනේ සංකලනයක්.
මේ ඔක්කොම ජාන "ආදම් සහ ඒව" ට සමානකමක් නැද්ද?