
දකුණු අප්‍රිකා ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරුණු අතර සියයට 50 ක් ඡන්ද ගණන් කර අවසන් වෙද්දී, ජනාධිපති සිරිල් රැම්පෝසාගේ ‘අප්‍රිකා ජාතික කොංග්‍රසය’ ඉදිරියට පැමිණ සිටියේය. ඒ, සියයට 42 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි.
දෙවැනි ස්ථානය ඩිමොක්‍රටික් සන්ධානයටත්, තෙවැනි ස්ථානය හිටපු ජනාධිපතිවරයකු වන ජේකොබ් සූමාගේ ‘එම්.කේ.’ පක්ෂයටත් හිමිවිය. ඒ, පිළිවෙළින් සියයට 23.4 ක් සහ 10.8 ක ප්‍රතිශතයක් දිනා ගනිමිනි.
නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, ජනාධිපති සිරිල් රැම්පෝසාගේ ‘අප්‍රිකා ජාතික කොංග්‍රසය’ ට තනිවම බහුතර බලයෙන් රජයක් පිහිටුවීමට හැකියාවක් නොමැති වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එසේ වුවහොත් ‘අප්‍රිකා ජාතික කොංග්‍රසය’ ඔවුන්ට හිතවත් අනෙක් දේශපාලන කණ්ඩායම් සමඟ එක් වී හවුල් රජයක් පිහිටුවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd