IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


දුකට පත් කතුන් බලා ගන්න රට පුරා රැකවරණ නිවාස

(අංජුල මහික වීරරත්න)

හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා වන තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය සඳහා මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හමුවේ හිංසනයෙහි වින්දිකයන් බවට පත්වන කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් තාවකාලික රැකවරණය සැලසීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ගම්පහ, රත්නපුර, මොනරාගල, කොළඹ, මාතර, මඩකළපුව, මුලතිව් හා යාපනය යන දිස්ත්‍රික්කවල එක් රැකවරණ නිවාසයක් බැගින් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැකවරණ නිවාස 02 ක් ද වශයෙන් රැකවරණ නිවාස 10ක් පවත්වා ‍ගෙන යනු ලබන අතර, නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා රැකවරණ නිවාසයක් 2025 ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඇතැම් රැකවරණ නිවාස වල පරිපාලන හා නඩත්තු වියදම් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සෘජුවම දරනු ලබන අතර, ඇතැම් නිවාස සඳහා අදාළ වියදම් කාන්තා සුබසාධනය මූලික කරගත් සංවිධාන කිහිපයක් විසින් දරනු ලබයි.2020 වර්ෂයේ සිට 2024 වර්ෂයේ දෙවන කාර්තුව දක්වා වින්දිත කාන්තාවන් 2,852 ක් වෙනුවෙන් රැකවරණය සලසා ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 60.35ක පිරිවැයක් දරා ඇත.

එහෙත්, එම කාලය තුළ ඒ වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 37.69 ක් පමණක් ප්‍රතිපාදන වශයෙන් ලැබී ඇති අතර, රුපියල් මිලියන 22 ක පමණ බිල්පත් තවදුරටත් නිරවුල් කළ යුතුව තිබේ. ඒ අනුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 25 ක ප්‍රතිපාදන වෙන් කිරීමටත්, ඉන් අනතුරුව ඉදිරි වර්ෂයන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වාර්ෂික අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කර දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

 



අදහස් (0)

දුකට පත් කතුන් බලා ගන්න රට පුරා රැකවරණ නිවාස

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රේගු වංචා කරන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කරයි
2025 මැයි මස 05 146 0

රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ


විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු
2025 මැයි මස 05 269 1

විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100


කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
2025 මැයි මස 05 814 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි


මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 921 3

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි
2025 මැයි මස 05 839 3

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


ජන්ද මධ්‍යස්ථාන 13759 ක් සකස් කිරීම අද ඇරඹෙයි
2025 මැයි මස 05 163 0

පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 685 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 176 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1207 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site