

(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමඟ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන රුපියල් 5000 ක දීමනාව තමන්ට නොලැබුණු බව පවසමින් හැටන් ප්රදේශයේ පිරිසක් අද (11) ග්රාම නිලධාරී කාර්යාලය වටලනු ලැබුහ.
හැටන් දික්ඔය වනරාජා වත්ත පහළ කොටස් පීඩාවට පත් පිරිස උදැසන සිට ග්රාම නිලධාරී කාර්යාලය ඉදිරිපිට රැස්වී සිටියහ.
පීඩාවට පත් ජනතාවට රුපියල් 5000 ක් ලබාදෙන ලෙස රජය උපදෙස් දී තිබුණත් එම උපදෙස් වලට පටහැනිව වතුකරයේ ඇතැම් ග්රමාසේවා නිලධාරිවරුන් විසින් රැකියාවල නිරතව සිටින විශාල පිරිසකට සහ එකම පවුලේ කිහිපදෙනෙකුටම මෙම දීමනාව ලබා දී ඇති බව ඔවුහු පැවසූහ.
තමන් රැකියාවල නිරතව සිට කොවිඩ් 19 වයිසරය පැතිර යාමේ අවදානම නිසා ඇඳිරි නිතිය හමුවේ තමන්ගේ රැකියාවත් නොමැතිව ආදායම් තත්ත්වය පහළ වැටි දැඩි පීඩාවට පත් වි සිටින බව ඔවුහු සඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම , රජයට මේ කම්කරුවන් අමතක වෙලාද ?