
(රෝෂන් තුෂාර)
බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානය ආසන්න නගර මධ්‍යයේ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම මෙරට සිදුවන අවසන් ඝාතනය විය යුතු බවත්, මෙවන් ඝාතන මින් ඉදිරියට සිදුනොවීමට රජය වගකීම බාරගත යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධීපති නීතිඥ රජීව් අමරසූරිය මහතා අවධාරණය කළේය.
නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ පසුගිය සිකුරාදා(13) දින වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය රට පුරා ක්‍රියාත්මක කළ විරෝධතා සංකේත වැඩ වර්ජනය පිළිබඳව අදහස් දක්වමින් අමරසූරිය මහතා එසේ පැවසීය.
මෙම එක්දින සංකේත වැඩ වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අධිකරණවල නඩු කටයුතු විභාග කිරීමට නොහැකි වූ බැවින් නඩු විභාග කල් තැබීමට අධිකරණ විනිසුරුවරුන් කටයුතු කළේය.
අධිකරණවල නඩු කටයුතු කැඳවීම සාමාන්‍ය පරිදි සිදුවූ නමුත් කිසිදු නීතිඥවරයකු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මෙසේ බාධා එල්ල විය.
නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට කියා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරුන් අධිකරණයේ පෙනී සිටියද ,නීතිඥවරුන් නොමැති වීමෙන් නඩු කල් තැබීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් ඵල නොකළ බවය.අදළ සංකේත වැඩ වර්ජනයට ඔවුන් ද සහය දැක්වීම ඊට හේතුව බවද සඳහන් කළේය.
අධිකරණ නඩු කටයුතුවලට සහභාගි නොවූ ශ්‍රී ලංකාව නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටට රැස්ව විරෝධය පළ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට රැස්වූ නීතිඥවරුන් පා ගමනින් නීතිඥ සංගමයේ ප්‍රධාන කාර්යාලයට පැමිණියේය.එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ ජනාධීපති නීතීඥ රජීව් අමරසූරිය මහතා මෙසේද පැවසීය.
නීතිඥ බුද්ධික මල්ලවාරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධ විරෝධයක් පළ කිරීමට ශ්‍රී ලංකාවේ සෑම අධිකරණයකම නඩු කටයුතුවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව තීරණය කළා.
නීතිඥ බුද්ධික මල්ලවාරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ කෲරලෙස පසුගිය සිකුරාදා ඝාතනය කළා. මෙම ඝාතනය වුනේ අකුරේගොඩ නගර මධ්‍යයේ යුධ හමුදා මූලස්ථානය ආසන්නයේ .අපි දියත් කරන සංකේතමත් වැඩ වර්ජනය මගින් මේ රටේ මහජනතාවටත් ,රටටත් ප්‍රකාශ කරනුයේ මෙවන් ඝාතනයන් නීතිඥයන්ට හෝ මේ රටේ සාමාන්‍යයෙන් පුරවැසියන්ටවත් විය යුතු නෑ කියලා. රජයට වගකීමක් තියෙනවා ජනතාවගේ ආරක්ෂාව නීතියේ ආධිපත්‍යය සුරකින්න.ඊට අවශ්‍ය සහයෝගය හා උපදෙස් ලබා දීමට නීතිඥයන් සූදානම්. මේ ඝාතනය අවසාන ඝාතනය විය යුතුයි. මේ වූ දේ නැවත නොවෙන්න රජය වගකීම බාරගත යුතුයි. සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන නිසි ලෙස හා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මෙම සංකේතය වැඩ වර්ජනයට සහාය පළ කළ විනිසුරුවන්ටත් නීතිඥවරුන්ට සහ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරුන්ටත් අපගේ ස්තුතිය පුද කරනවා යැයිද රජීව් අමරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ කිසිම රජයකට බැහැ. මේවගේ ඝාතන සම්පූර්ණයෙන් නවත්වන්න. ඊයෙත්, අදත්, හෙටත් ලෝකෙ පවතින තුරු මේවා සිද්ධවෙනවා. මේ වගේ බොලඳ ඉල්ලීම් ඉල්ලන අය ගැන දුකයි.