
(ඉන්දිකා රාමනායක)
උදුවප් පුන් පොහෝ දින මල් කඩාගෙන පන්සල් යාම සදහා ටිකට් පතක් නොගෙන දුම්රියෙන් අංගම්පිටියේ සිට පාදුක්කට ගමන් ගත් 70 හැවිරිදි වයෝවෘද්ධ මවකට රුපියල් රුපියල් 40 ක ටිකට්පත් වෙනුවෙන් පාදුක්ක දුමිරිය ස්ථානාධිපතිවරයා නිකුත් කර තිබු රුපියල 3600 ක දඩ මුදල පාදුක්ක පොලිසිය ගෙවා දමා එම වයෝවෘද්ධ කාන්තාව මුදාහැර හැරියේය.
මෙම කාන්නාතව අද පෙරවරුවේ පාදුක්ක අංගම්පිටියේ සිට දුමිරිය ස්ථාන දෙකක දුරින් පිහිටි පාදුක්ක දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර පාදුක්ක දුමිරිය ස්ථානයේ එහි සිටි නිලධාරීන් කාන්තාව විකට්පතක් නොගෙන දුමිරියේ ගමන් කිරීම වරදට ඔවුන්ගේ බාරයට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම කාන්තාව ටිකට් පතේ වටිනාකම රුපියල් 40. ක් වුවද , ටිකට් ගැනීමට මුදල් නොමැති නිසා ටිකට්පතක් නොගෙන දුමිරියෙන් පැමිණ බවට ඇය දැනුම් දී ඇත.
ටිකට් පතක් නොමැතිව දුම්රියේ ගමන් ගත් වරදට පාදුක්ක ස්ථානාධිපතිවරයා විසින් මෙම කාන්තාවට රුපියල් 3600 දඩ පත්‍රිකාවක් ලබා දී ඇති අතර එහි දී ඇය නිලධාරීන් සමග බහින් බස්වීමක නිරත වී ඇති බවද දුමිරිය නිලධාරීන් පොලිසියට පවසා ඇත.
දඩකොළය ලබාදුන් දුම්රිය ස්ථානාධිපතිවරයා සිද්ධිය පාදුක්ක පොලිසියට දැනුම් දී වයෝවෘද්ධ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද දැනුම් දී පොලිසියට බාර දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පොලිස් නිලධාරීන් බාරයට ගත් මෙම වියෝවෘද්ධ මවට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු එහි නිලධාරී ආහාර පානවලින් සංග්‍රහ කර ඇති අතර, ඇය ට නිකුත් කර තිබු රුපියල් 3600 ක දඩ මුදල පොලිස් නිලධාරීන් විසින් මුදල් එකතුකර ගෙවා දමා ඇත.
මුදල් නොමැතිව සිටි ඇයට මුදල් ද ලබා පොලිස් නිලධාරීන් මුදල් ද ලබා දී ඇත.
පොහෝ දිනයෙන් ආහාර පවා නොමැතිව කුසගින්නේ සිටි තමන්ට ආහාර වලින් සංග්‍රහකර, ඇය වෙනුවෙන් නිකුත් කර තිබු දඩ පත්‍රිකාවට ගෙවා දැමීමට ඉදිරිපත් වු ස්ථානාධිපතිවරයා ඇතුලු සියලු පොලිස් නිලධාරීන්ට ස්තූතිය පුදකර කාන්තාව පොලිස් ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසනුන් සහ දෙවියන්... දෙගොල්ලොම මිනිස්සුමයි..!
දු:ස්ථානාධිපති = දුශ්ට ස්ථානාධිපති පො: ස්ථානාධිපති = පොහොසත් ස්ථානාධිපති
කෝච්චියේ හොරෙන් ගිහිල්ලා පන්සලට ගොඩ උනාම ගොඩක් පින් රැස්වෙනවා කියලා හිතනවා ඇතිනේ.. වැරැද්ද නම් කවුරු මොන අවස්ථාවක කලත් ඒක වැරද්දක්. කොහොමත් ඉතින් හොර වැඩවලට පොලිසිය සහයෝගයක් දක්වන බව අපි දන්නවනේ..
අපි නොදන්න මොනරතැන්න
පොලිසිය කරපු දෙය අගය කල යුතුයි. ඒත් ටිකට් නැතුව හොරෙන් ගිහින් පින් දහම් කරන එක නම් ප්‍රශ්නයක්.
පොහෝ දින උතුම් ක්‍රියාවක් සිදු කරපු පොලිස් ස්ථානාධිපතිතුමා අතුළු කාර්යයමණ්ඩලය ඉතා ඉහළින් අගය කරමු.
අපේ පොලිසියෙත් වැදගත් නිලධාරීන් කොටිිටාසයක් ඉදිම ගැන මුලු පොලිස් දේපර්මෙින්තුවටම ස්තුතිය වෙිවා .බුඋුසරනයි
පාදුක්ක පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු නිලධාරී මඬුල්ලට අපගේ විශේෂ ස්තුතිය හා ප්‍රණාමය ... !!!! ඔබ තුමන්ලා වැනි හිත උණුවෙන පොලිස් නිලධාරීන් මේවැනි කාලයක දැකීමත් විශාල භාග්‍යයක්.ඒ වගේම සිද්ධියට සම්බන්ධ දුම්රිය ස්ථාධිපති වැන්නන් මේ රටට ශාපයක් ... මනුස්සකම කියා දෙයක් ගෑවිලා වත් නැහැ.කෙසේ වෙතත්, පාදුක්ක පොලිස් ස්ථානාධිපති තුමන් හා නිලධාරීන් පොහෝ දින දුන් ආදර්ශය ඉතා උසස් හා උතුම් දෙයක් ... ඔබතුමන්ලා වැනි සත්පුරුෂයන් මේ රටේ තව තවත් බිහිවේවා ... !!!
" යකඩ යකාගේ සිත උණු නොවුණ සැටී ... කරුණාබර මැතිඳු නිලදරු රටක් වටී ... පෝදා මවට දී සෙනෙහස් අහර කැටී ... උතුම් පිළිවෙතින් පිරි ඔබ පුදනු වටී ... "
පොළිස් නිළධාරීන්ට අපගේ ප්‍රණාමය
මෙවන් අවස්ථාවක නීතියම පමණක් සලකා බැහැ.කෙනෙකුගේ අසරණ තත්වයත් සැලකිල්ලට ගත යුතුයි