
(සුජිත් හේවාජුලිගේ)
සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අද(8) හෙට(9) සහ අනිද්දා (10) අවලංගු කිරීමට තැපැල්පති රුවන් සත්කුමාර මහතා තීරණය කර ඇත.
තැපල් සේවය මහජනතාව වෙනුවෙන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් යුතුව මෙම පියවර ගෙන ඇත.
මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් සේවකයන් පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කෙරිණ.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතියේ මෙහෙයවීමෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරේ.
COMMENTS
ජෙප්පන්ට වර්ජන කරන්න Chance තියනවා නම් .. වෙන මොනවත් ඕනේ නෑ ... මොවුන්ව අස් කරලා දාන්න ...!
මේ තැපැල්පති තුමා දේශපාලන ඉත්තෙක් බව නම් පැහැදිලිව පේනවා... ජනාධිපති තර්ජනය කරද්දී නැට්ට බඩ යට ගහගෙන ඉඳලා දැන් සේවකයින්ට ලොකුකම් පෙන්වනවා... නිවට තැපැල්පතිටත් ඕනා කරන්නේ තැපැල් කාර්යාල කඩලා ඒ තැන්වල හෝටල් ඉදිකරන්නද..? ඔය තනතුර කාටහරි දීලා, දේශපාලන පක්ෂයකින් ඡන්දෙ ඉල්ලුවා නම් නේද හොඳ.. ලැජ්ජයි!!!
වර්ජන, තර්ජන කළොත් රැකියාවෙන් දොට්ට...!
ඔය නුවර සහ නුවරඑළියෙ තියෙන ජනාධිපති මාලිගා දෙක ඔක්කොටම කලින් හෝටලයක් කරපල්ල. මේව රටේ ජනතාවගෙ බූදලේ මිසක් ජනාධිපතිගෙ බූදලයක් නෙවෙයි. රට විකුණගෙන කන මුන්ට හෙන හතම ගහන්න ඔ්න.
ජනාධිපති මන්දිරයත් විකුණලා... හෝටලයක් හදමු. මොකද අවුරුද්දේ වැඩි කාලයක් ඉන්නේ රටනේ... ඒ විදිහට ගත්තොත් ඒක තැපැල් කන්තෝරුව විකුණනවට වඩා වාසිදායකයි. මොකද තැපැල් කාර්යාලයෙන් ලියුමක් හරි යවන්න පුළුවන්...
මේ ජෙප්පන්ගේ යූනියන් නම් ඇත්තටම මේ රටට හෙනයක්.... නිවාඩු අවලංගු කරපු එක නම් මෙයාලාට ගානක් නැහැ... මොකද කොහොමත් නිකන්නේ ඉන්නේ...