(යොහාන් භාසුර)

ආණ්ඩුවේ නව බදු පනතට සහ බැංකු ණය පොලී ඉහළ දැමීමට විරෝධය දක්වමින් තැපැල් සේවකයෝ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටත්  බැංකු සේවකයෝ කොළඹ ලේක්හවුස් ආයතනය ඉදිරිපිට අද (14) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ.

එක්සත් තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සංවිධානය කළ විරෝධතාවට තැපැල් සේවකයන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර ‘ගිවිසිගත් බැංකු ණය පොලිය වැඩි නොකරනු’, ‘දූෂණය නාස්තිය එහෙමමයි බදු බර වැඩකරන ජනතාව පිටට’ සහ ‘නව බඳවාගැනීම් වහා සිදුකරනු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී තැපැල් සේවකයෝ විරෝධය දැක්වූහ.

එමෙන්ම  මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සේවකයන් රැසක් නියෝජනය කරන ලංකා බැංකු සේවක සංගමය බැංකු විරෝධතාව සංවිධානය කර තිබු අතර
‘වැඩකරන ජනතාව හූරාකන බදු පනතේ අහිතකර කොන්දේසි වහා ඉවත්කරනු’ සහ බදු බර අහස උසට වෘත්තිකයන් රටින් පිටට’ ආදි පාඨ ඇළත් පුවරු ප්‍රදර්ශනය කරමින් බැංකු සේවකයෝ විරෝධතාවයේ නිරත වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)