(නිමන්ති රණසිංහ)
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය .
මෙම නඩුවට අදාළව සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9 ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද කොන්දේසියක් නියම කළේය.
විදෙස් ගමන් තහනම ට අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර් වරියට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව අධිකරණය හමුවේ විභාග වූ තවත් වඩු හතක් සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි යන අයට ඉකුත් අඟහරුවාදා අධිකරණයෙන් ඇප නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිළිණි සල්ලි ගත්තා සැප වින්දා. වැඩි තණ්හාවට සල්ලි දාපු මෝඩයින්ට හුළං. නඩුව කාලයක් අහයි. කලුකෝට් කාරයින් හම්බ කරගනියි. වැඩිම වුණොත් අවුරුදු 05 කට 10 කට ඇතුළට දායි. නාටකය එතැනින් අවසානයි.
බෝක්කු කටක් නේද තියෙන්නේ? ඇප නොලැබුණොත් වහන්න අමාරු වේවි...!
ඒකනේ ඉතින්. නිකන් බොරුවට හිරේ දාගෙන... නැති දේවල් මවා පානවා. මිනිස්සුන්ගේ කාලේ මෙහෙම කන්න එපා. මේ ගොල්ලෝ, ඒගොල්ලෝ යාළුවෝ කියලා රටම දන්නවා. පොඩි අවුලකට තියෙන්නේ, මිනිස්සු මේ කතාවට එයාලා බලාපොරොත්තු වෙච්චි තරම් කුලප්පු වුණේ නැති එක... පවු ඉතින්... ඔයා ගෙදර ගිහින් සතුටින් ඉන්න ප්‍රියමාලි...
අපිනම් දැනගෙන හිටියා අවදානය ඔච්චරයි කියලා...