(නිමන්ති රණසිංහ)
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය .
මෙම නඩුවට අදාළව සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9 ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද කොන්දේසියක් නියම කළේය.
විදෙස් ගමන් තහනම ට අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර් වරියට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව අධිකරණය හමුවේ විභාග වූ තවත් වඩු හතක් සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි යන අයට ඉකුත් අඟහරුවාදා අධිකරණයෙන් ඇප නියම කෙරිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.