IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තිස්සෙ ජනතාව හාල් නැතිව තැවේ

(සනත් ගමගේ)

රතු කැකුළු හාල්වලට නමක් දරා සිටි අම්බලන්තොට ප්‍රදේශයේත් මේ දිනවල හාල් නොමැතිකමින් පාරිභෝගිකයෝ දැඩි පීඩාවට පත්වි සිටිති.

යළ මහ දෙකන්නයේ සාර්ථකව වී වගාව සිදුකරනු ලබන රිදියගම හා ලියන්ගස්තොට ව්‍යාපාරයත් මහවැලි ව්‍යාපාරයේ කුඹුරු වගාකරන මෙම ප්‍ර දේශයේ එක් කන්නයක් අවසන් වී ඊළඟ කන්නය එනතෙක් අවශ්‍ය වී ප්‍රමානයන් සහල් බවට පත්කර පාරිභෝගිකයන්ට මෙතෙක් කල් ලබා ගැනිමට හැකිවුව ද මෙවර ඉතිහාසයේ කවරදාක් වත් නැති ලෙස හාල් හිඟයක් ඇති වි තිබෙන බව අම්බලන්තොට පාරිභෝගිකයෝ පවසති.

පසුගිය කාලයේ ආසන්නයේම කිසිම වගා කන්නයක් පාළු නොවූ බවද, වී අස්වනු සාර්ථකව තිබු අතර එම වි වලට කුමක් සිදු විදැයි පාරිභෝගිකයෝ පවසති.

අම්බලන්තොට නගරය හා ඒ අවට හාල් මෝල් වී නොමැතිකම මත වසා දමා තිබේ. හාල් වෙළඳ සැල්ද හාල් නැතිකමින් වසා දමා ඇත. හාල් කිලෝවක් මිලදි ගැනිමට ජනතාවට තැනින් තැන ඇවිදයෑමට සිදුව තිබේ. කුඩා වි ප්‍රමානයක් රැගෙන එන පුද්ගලයකු වී මෝලකට පැමිණෙන තෙක් හාල් කිලෝවක් මිලදි ගැනිමට එම මෝල අසල පාරිභෝගික‍ෙන්ට සිටිමට සිදුවනු ඇත.



අදහස් (0)

තිස්සෙ ජනතාව හාල් නැතිව තැවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site