IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තිස්ස අත්තනායකගේ නඩුවට දින දෙයි

(රෝෂන් තුෂාර)

සමගි ජන බලවේගය පක්ෂ සාමාජික  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක   සිදුකළ අසත්‍ය ප්‍රකාශයකින් සිය කීර්තිනාමයට සිදුවූ හානියට රුපියල් මිලියන 100ක වන්දියක්  ඉල්ලා ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය වරිය ගොනු කළ නඩුවේ  පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය  දෙසැම්බර් මස 2 දා සිදුකිරීමට කොළඹ අතිරේක දිසා  විනිසුරු යූ.එස්.කේ.කේ වැරණියගොඩ මහතා  දින නියම කළේය.

නඩුව  කැඳවූ අවස්ථාවේදී  වගඋත්තරකාර  පාර්ශ්වය විසින්  විරෝධතා ගොනු කිරීමෙන් පසුව මෙසේ දින නියම කළේය.

2024.අගෝස්තු.19 දින මාවනැල්ල ප්‍රදේශයේ පැවැති සමඟි ජනබලවේගය පක්ෂයේ ජනාධිපතිවරණ දේශපාලන  රැලියක් අතරතුරදී ජාතික ජනබලවේගය පක්ෂ රජයක් පිහිට වූ පසු ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීම නවත්වන බවට සිදුකළ අසත්‍යය  ප්‍රකාශය මගින් අගතියක් හා අපකීර්තියක් සිදුවූ බවට ප්‍රකාශ කරමින් මෙම වන්දි නඩුව   සමඟි ජනබලවේග පක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක  ,පුද්ගලික ගුවන් විදුලි   සමාගමක් වගඋත්තර කරමින් ගොනුකොට තිබිණ.

  ප්‍රධාන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක සිදුකළ මෙම අසත්‍ය ප්‍රකාශය හේතුවෙන් තමන් පොදු ජනතාව ඉදිරියේ අවමානයට, අපවාදයට, ලැජ්ජාවට හා පිළිකුලට ලක් කිරීම වග උත්තරකරුවන්ගේ අරමුණ වී ඇති බවත් පැමිණිලිකාරිය පැමිණිල්ල මඟින් කරුණු ඉදිරිපත් කර ඇත.

හිටපු මන්ත්‍රීවරයා සිදුකර ඇති එම අසත්‍ය ප්‍රකාශය එක්තරා රූපවාහිනී නාලිකාව ප්‍රවෘත්ති විකාශනයේ දී ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස විකාශනය කළ බව හා එම නාලිකාවේම පත්තර විස්තර වැඩසටහන මඟින් පසුදින එය නැවත ප්‍රමුඛතාවයක් ලබා දී ප්‍රචාරයක් කළ බවත් පැමිණිලිකාරිය පැමිණිල්ල මඟින් අධිකරණයට පවසා තිබෙනවා.


 

 



අදහස් (2)

තිස්ස අත්තනායකගේ නඩුවට දින දෙයි

Ekanayake Wednesday, 29 October 2025 08:37 AM

ප්‍රධාන නාලිකාවේ නම නොකීවට අපි දන්නවා

:       0       5

කපුරුහාමි Wednesday, 29 October 2025 02:17 PM

යූඇන්පීයේ මහලේකම් වෙලා පක්ෂේ පාවලා දීලා සාටකයාගේ කරේ එල්ලිලා සවුක්‍ය ඇමතියා වුණා. ඒ වෙනුවෙන් ලොකු කුට්ටියක් ගත්තා කියලා රාවයක් තිබුණා. හොර ගිවිසුමක් ගැන බොරු ප්‍රචාරයක් ගෙනගියා. හිරේත් ගියා. බොරුව සමාජගත කරලා නැති ප්‍රශ්න ඇති කරන තිස්සයා නීතීය හමුවට ගෙන යා යුතුමයි...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site