(විනීතා එම් ගමගේ)
ආගමික අන්තවාදය පතුරුවන තවුහිද් ජමාද් ඇතුළු සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වනබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
එම සංවිධානවල කි‍්‍රයාකාරකම් නවතාලීමට ආරක්ෂක අංශවලට අවශ්‍ය පියවර ගත හැකි වන්නේ එසේ තහනම් කළහොත් පමණකැයි ද ජයසේකර මහතා කියා සිටියේය.
තවුහිද් ජමාද් සංවිධානය තහනම් කිරීමට පියවර ගතහොත් එය ජාත්‍යන්තර වශයෙන් ද තහනම් කිරීමට බොහෝ රටවල් පියවර ගනු ඇති බව කී ජයසේකර මහතා එම සංවිධානයේ සිටින්නේ ඉතා සුළු පිරිසක් බවත් දැන් දැන් තහනම් කිරීමට පියවර ගත යුතු බවත් කියා සිටියේය.
කෙසේ වෙතත් එවැනි තහනමකට යාමට යම් කාලයක් ගත වනු ඇතැයි පැවසූ ශ්‍රීලනිප මහලේකම්වරයා එබැවින් ඒ සදහා ඉක්මන් පියවර ගත යුතු යැයි ද ප්‍රකාශ කළේය.
දයාසිරි ජයසේකර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසිද්ධ ස්ථාන වල බුර්කාව ද තහනම් කරන්න
මේ ආණ්ඩුවේ වැඩ කිසිවක් කරනකන් විශ්වාස නොකරන අතර මේ සිදුවීම නිසා ජනතාව මානසිකව පසුවන පීඩාකාරී, අසහනකාරී මෙන්ම අන්‍යයන් කෙරෙහි සැකයෙන් බලන තත්වය පහව යාමට තව බොහෝ කලක් ගතවනු ඇත.
සියලුම ඉස්ලාමීය අන්තවාදී සංවිධාන තහනම් කරන්න. 1. ජාතික තවුහිද් ජමාද් 2. ශ්‍රීලංකා තවුහිද් ජමාද් 3. සිලෝන් තවුහිද් ජමාද්.
තහනම් කරලා විතරක් මඳි හදිසි නීතිය යටතේ සියලුම සාමාජිකයින් අත්අඩංගුවට ගන්න. බොහෝ රහස් හොයා ගන්න පුළුවන් වෙයි. නැවත මේවා පටන් නොගන්න හොඳ දඬුවම් දෙන්න.
තහනම් නෙමේ ලංකාව තුළ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ යුතුයි. කටින් නැතිව කරලම පෙන්නුම් කරන්න..
ඔය විදියට හැම දෙයක්ම තහනම් කරන්න කියලා, දේශපාලුවෝ එකතුවෙලා අන්තිමට ජාතික ඇඳුමයි, සිවුරයි තහනම් කරයි.
වටිනා කාලෝචිත යෝජනාවක්. දේශපාලන භේද නොසලකා සැවොම රට බේරා ගැනීමට එකාවන්ව කටයුතු කිරීම ඉතා වැදගත්...
හොඳ අදහසක්.ඒවගේම ඔය මඩකලපුවේ ඉඳිකර අවසන් ඉස්ලාමික විශ්වවිද්‍යාලය විවෘත නොකළ යුතුයි. එසේත් නැතිනම් ඒ ගොඩනැගිල්ල වෙනත් විෂයන් ඉගැන්වීම සඳහා ඉංජිනේරු පීඨයක්, හෝ වෘත්තීය අධ්‍යාපනය උගන්වන ආයතනයක් කළ යුතුයි.ඒ සඳහා වහාම විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයි.අපේ භාෂාවෙත් තියෙනවා නේද කියමනක් ? නියපොත්තෙන් කඩන්න හැකිදේ පොරොවෙන් කොටලා අයින් කරනකම් තියන්න එපා කියලා. මතකයිනේද කොටි ප්රශ්නය? අන්තිමට මොකද වුනේ? ඒ නිසා අපි ප්‍රවේශමෙන් මේ විෂබීජය සමාජයෙන් අයින් කරගමු. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ.ඉතාම හොඳ ගුණවත්, උගත් බුද්ධිමත් , සමහරවිට අපිටත් වඩා හොඳ මුස්ලිම් ජාතික සහෝදර ජනතාවක් අපිත් සමග මේ ප්රශ්නයේදී අත්වැල් බැඳන් ඉන්න බව.
අනිවාර්යයෙන්ම අයින් කරන්නම ඕනේ...
ඔව් ඔව් හිස්බුල්ලා ඇමැති වෙන්නත් ඕනෑනේ...
මෙයාට ලකුණු කීයක් දෙනවද?
මේ වගේ ලැජ්ජා නැති මිනිස්සු. මහා ලොකුවට පාර්ලිමේන්තුවේ හිටියට මෙහෙම සංවිධානයක් තියෙන බව දැනගෙන තියෙන්නෙත් දැන් වගේ.
මෙච්චර දෙයක් කරලත් තව ඉල්ලන්න එනවා.
ඇයි ඒ... පව්නේ !!!
ඔය ජරාපති ට කියලා වැඩක් නෑ. අපිට දැන් එයා ජනාධිපති නෙවෙයි ජරාධිපති