(තරිදු ජයවර්ධන)
ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණි.
මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තුන තහනම් කර තිබේ.
එම සංවිධාන තුන පහත දැක්වේ.
1. නැෂනල් තවුහීත් ජමාත් (එන් ටී ජේ)
2. ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් (ජේ එම් අයි)
3. විලයාත් අස් සෙයිලානි
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයෙන් දින 22කට පසුවය.
එම ගැසට් නිවේදනයේ ඉංග්‍රීසි පිටපත පහත දැක්වේ. සිංහල පිටපත තවම මුදාහැර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියනේ දවස් 22ක්.. !!! මම හිතුවා ආණ්ඩු කරන උදවිය කිව්ව විදිහට මේ කාරණයට ප්‍රමුඛත්වය දෙනවා කියලා !!! මේකේ ඉන්නේ ගොලුබෙල්ලොද, ඉබ්බොද?
දැන් මේ සංවිධාන වල අය වෙන නමකින් පටන් ගත්තොත් මේ ගැසට් වල ඇති වැඩේ මොකද්ද? අවශ්‍ය මෙවන් අන්තවාදීන්ට අවශ්‍ය වන දේවල් ඉටු නොවන පරිදි දැඩි නීති ගෙනඒමයි. ජනවර්ග පදනම් කරගෙන සාදාඇති නීති අහෝසි කිරීමයි. පුරවැසිබවට අගයක් ලබාදීම සහ ජන කණ්ඩායම් පදනම් වන නීති සියල්ල අහෝසි කිරීම මගින් මෙරට කිසිදු අන්තගාමී දෙයක් ඉටු කර නොගැනීමට කටයුතු කිරීම අදම කළයුතුයි.
කෝ එතකොට SLTJ-Srilanka තව්හිද් ජමාත් මුදුන් මුල කඩන්නේ නැතුව අතු ටික කපලා ඔය ප්‍රශ්නය ඉවර කරන්න බැහැ.
මේ දියාරු පාලනය තමයි මේ ඔක්කෝටම මුල... ඉක්මනින් ගන්න ඕනෑතීරණ එන්නේ සති 3කට පස්සේ.
ඇති යන්තන්
විනාඩි 10 වැඩේට සති 4ක් ගත්ත ආණ්ඩුවක්...
මේක සමාජවාදී විප්ලවකාරී දේශපාලන කැරල්ලක් උනානම් බලාගන්න තිබුණා ඔය කවුරු කවුරුත් එකතුවෙලා සංවිධාන තහනම් කරන්න කොච්චර ඉක්මන් වෙනවද කියල
පුදුම පාහර ආණ්ඩුවක් මේක. සාමාන්‍ය ජනයාට කිසිම විශ්වාසක් නෑ ත්‍රස්තවාදීන්ට එරෙහිව ගන්න ක්‍රියා ගැන. ලොකු නයි ටික ඔඩොක්කුවේ. රට ගිනි ගන්නකොට තමා ගැසට් එක එන්නේ. මේ තරම් අවධානම් වෙලාවක රටට ආදරේ රජෙක් රටෙන් යයි ද ?
රජයේ මෙම තීන්දු තීරණ වල පමාවද රටේ ඇතිවී ඇති නොසන්සුන්තාවට හේතු විනයි සිතමි. පාලකයින් ඔවුන්ගේ වාසියට පරස්පර අදහස් පවසමින් ඡන්දගොඩ වැඩි කර ගැනීමට උත්සාහ කරමින් කල් මැරීම තුළ, නොපමාව නිවැරදි තීන්දු තීරණ නොගැනීම රටේ ජනතාවගේ ඉවසීම නැති වී සාමය බිඳ වැටීමට හේතු වී ඇත..
රෝමය ගිනි ගනිද්දී නීරෝ විනා වාදනය කලාලු.
මෙම අවස්තාවේ හිජාබය පමණක් නීතිගත කොට අනෙක් සියලු මුස්ලිම් කාන්තාවන් පලදින මුහුණ සහ ඇඟ ආවරණය කරන ඇදුම් තහනම් කල යුතුයි. නැතිනම් අප හට විශාල බියක් ඇතිවෙනවා.
මේ ගැසට් කිරීම .. ශ්‍රී ලංකා ඉතිහාසයේ " ත්‍රස්ත මර්දනයට " ලොකු ජයග්‍රහණයක් ! එත් මෙවෙනි දේවල් එවැනි මුස්ලිම් පල්ලිවල ලියාපදිංචි නොකළ අන්දමට සංවිධානාත්මකව සිද්ද වෙනවා නොඅනුමානයි ...!!!
රටට හිතැති නව දේශපාලන නායකත්වයක් ඊළඟ මැතිවරණයෙන් පත්කරගනිමු. නමුත් මෙහෙම නායකත්වයක් පේනතෙක් මානයක නැති බවයි මගේ අදහස...
දැන්නම් අල්ලපු අයට ඇප දීලත් ඉවර ඇති.. ගැසට් එක එනකොට..
මෙච්චර කල් අරගෙන තියෙන්නේ මේ සංවිධනවල අය එකවුන්ට් වල සල්ලි වෙන ඒවට දාගන්නකම් හිටපු නිසයි. නීතියෙන් තහනම් කළාට පස්සේ වත්කම් රාජසන්තක වෙනවනේ. තඹ ෆැක්ටරියෙත් තඹ ටික පන්නලා තිබුනේ.
දවස් 22 කට පස්සේ තමයි මේක මතක් උනේ මොනවා කරන්නද කොන්ද පන තියන නායකයෙක් (නායකයෝ ) ඉන්න රටක් නෙවි නෙව මේක "කවදා පායිද අප දිනිසුරානෝ "
එහෙම පුලුවන්ද. එතකොට අපේ ඡන්ද ගොඩ පුංචි වෙනවා නේ. ඒ උනාට අපේ ගොන් රැල අනිත් සැරෙත් මේ වගේම රැලක් පත් කර ගනීවි.
ආණ්ඩුවේ මැදිහත්ම්වීම බොහොම මදි .