(අජන්ත කුමාර අගලකඩ)
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිත් ජමාත් සංවිධානය තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මන්දිරයේ අද(26) පැවැති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේදී ප්‍රකාශ කළේය.
ඒ සඳහා දැනට තිබෙන නීති ප්‍රමාණවත් නොවන බැවින් නව පනතක් කඩිනමින් පාර්ලිමේන්තුවට රැගෙන ඒමට කටයුතු කරගෙන යන බවද ජනාධිපතිවරයා පැවසීය.
එතෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එම සංවිධානය තහනම් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ 140ක පමණ පිරිසක් ලංකාවේ සිටින බවත් එම සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.
මේ අතර දැනටමත් 70කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.
මෙම අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානය ඉදිරි දින කිහිපය තුළ සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමට හැකිවනු ඇති බව කී ජනාධිපතිවරයා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව කටයුතු සිදුකරගත යුතු බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උන්නැහේ... දොඩව දොඩවා ඉන්නේ නැතිව වැඩේ කරලා පෙන්නන්නකෝ...? තවදුරටත් විහිළු සපයන්නේ නැතිව...
තව්හිත් ජමාත් විතරක් නෙවෙයි සෑම මුස්ලිම් අන්තවාදි කණ්ඩායමක්ම තහනම් කළ යුතුයි.ඒ වගේම රිෂාඩ් බදියුදින් අසාස් සාලි මුජිබර් රෙහේමාන් වහාම අත්අඩංගුවට ගත යුතුයි.
හොඳටෝම ඇති. තව කොච්චර කල් මෙරට අස්ථාවර කරන්න බලාපොරොත්තු වෙනවාද කියලා කියනවානම් වඩාත් හොඳයි.
හා....!!!
සියලුම තවුහිත් ජමාත් සංවිධාන තහනම් කළ යුතුයි. SLTJ,NTJ, ACTJ යන මේවා තමයි ප්‍රධානවම මුස්ලිම්වරුන් සිංහල බෞද්ධයන්ගෙන් වෙන් කරන්න හදපු මුල්ම කට්ටිය. දැන් එයාලා බබාලා වෙන්න හදනවා.
අර කුඩු කාරයන් එල්ලුවා වගේද ආයුබෝවන්?
අර කුඩු කාරයෝ එල්ලුවා වගේද?
අස්බැස්ටෝස්, ග්ලයිෆොසෙට්, එල්ලුම් ගහ ඔක්කොම සංසෝදනය කලානේ. ඒ ඇති
අැස්බැස්ටෝස්, ග්ලයිෆොසේට්, එල්ලුම් ගහ ඔක්කොම සංශෝධනය කළානේ. ඒ ඇති...
හැමදාම කටින් බතල හිටව හිටවා ඉන්නේ නැතුව රටට කරලා පෙන්වන්න. දැන් මෙච්චර කල් රටේ මිනිස්සුන්ට මොනතරම් දේවල් කිව්වද? එකක්වත් ඉෂ්ට වුනේ නැති ඒකේ අඩුම තරමින් මේකවත් කරලා පෙන්වන්න.
කුඩු කාරයෝ එල්ලුම් ගස් ඇරියා වගේ තමයි..
නිකම් බොරුවට කාලය නහස්ති කරමින් කියලා කියව කියවා ඉන්නේ නැතුව ඕකවත් කරලා දමන්නකෝ...
ජාතිකද අන්තර්ජාතිකද වැඩක් නෑ, සියලුම තව්හිද් ජමාත් සංවිධාන මුලින්ම තහනම් කරන්න. පරීක්ෂණ වලින් පස්සේ වැරදිකරුවන් නොවන අයට නිදහස දෙන්න.
කියන්නා කෙසේ කියත් අසන්නා සිහි බුද්ධියෙන් අසන්න කියන්නේ මේවාට තමයි... කියපු කිසි දෙයක් මට මතක විදියට නම් වෙලා නැ.
ඔබතුමා හැමදාම කලේ පිස්සු වැඩනේ...
අනේ මං මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මේ මගේ පළවෙනි ඡන්දෙ දුන්නු ජනාධිපතිතුමා කියලා හිටං... බලනකොට ජනාධිපති වෙනකවුරුහරි...
මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන විට එය හොර රහසේ කරන්නෙ වෙනත් රටවල. නැත්නම් සැකකරුවන් ආ ගිය අතක් හොයා ගන්න බැරි වෙන නිසා. අල්ලලා ඉවර වෙලා තමයි අණ බෙර ගහන්නෙ. ඒකට ලංකාව! අණ බෙරේ ගහගෙන තමයි වැඩ පටන් ගන්නෙ ලෝකෙටම ඇහෙන්න. දැන් ඒ 140 දෙනා කොහේ ගියාද කියලා නැතිව ඇති. අනිත් එක මේ වැඩේට තව නීති හදන්න ඕනි නෑ. ජනාධිපති බලතල යටතේ එය කරන්න පුළුවන්.
කරන්න පුළුවන් එකක් කියන්න
ඔයා කියන ඒවා කොහොමද විශ්වාස කරන්නේ අප්පා...?
කියනවා වගේම කරානම් හොඳයි.
වැඩ බැරි ටාසන්...
ඊට ඉස්සරවෙලා තමුන් ගෙදර යන්න. තවත් රට විනාශ කරන්නේ නැතුව. 250 ක් මරාගත්ත මදිද?