( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කල්ලියෙන් ප්‍රහාර එල්ල වන බවට කළ අනතුරු ඇගවීම් නිවේදන 97 ක් ජාතික රහස් ඔත්තු සේවය විසින් තෙවසරක කාලය තුළ ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට දන්වා යැවූ බව ජනාධිපති නීතීඥ සංජය ජයවර්ධන මහතා අද (3) ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කියා සිටියේය.
මෙම නිවේදන ඉකුත් 2017 , 2018 , 2019 යන කාල වලදී රහස් ඔත්තු සේවයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලන්ත ජයවර්ධන මහතා ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශ සහ අනෙකුත් ලියකියවිලි වලින් තහවුරු වී ඇති බවත් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා කීය.
පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝණය කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (03) යළි සලකා බැලීම ආරම්භ කළ අතර එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් හෙතෙම මේ බව කීය.
එසේම මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කැබිනට් මණ්ඩලය රටේ ජනතාවට සාමූහිකව වග කියන බවත් , ඒ අනුව මෙම ප්‍රහාරය වැළැක්වීමට සමස්ත කැබිනට් මණ්ඩලය කටයුතු කළ යුතුව තිබූ බවත්, ඒ අනුව ආරක්ෂක ඇමැතිවරයාට පමණක් වගකිම බැර නොකළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් කීය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් යුතු සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් 12 සළකා බැලෙයි.
එම පෙත්සම්වල වැඩිදුර විභාගය තවදුරටත් පැවැත්වෙමින් පවති.
එම ප‍්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න, සංචාරක කර්මාන්තයේ නියැළි ව්‍යාපාරික ජනත් විදානගේ , ශ්‍රී ලංකා නීතීඥ සංගමය, හෙන්රි මේරියන් අශෝක් ස්ටීවන් , සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප‍්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්ලා , නාගානන්ද කොඩිතුවක්කු , ජූඞ් පෙරේරා , නිමල් කුමාරසිරි ඇතුළු පුරවැසියන් පිරිසක්ද , අගුළුගල්ලේ ජිනානන්ද හිමි සහ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීම් වලින් තුවාල ලැබූ නීතිඥවරයකු වන මුදිත ඒකනායක මහතා ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප්රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලාල් දිසානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටින අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටියි.
මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා පෙනී සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන කෙනෙක් හිටියනම් මේ විනාසය වෙන්නේ නැ .
ඉතා පැහැදිලියි මේ රජයේ පාලකයන් අාරක්ෂාව බිංදු වට දැම්මා. ගෝඨාභයට ඉල්ලුම වැඩි උනෙත් එ් නිසා.
කාදිනල්තුමාව වගඋත්තරකරුවෙක් කරන්න පුළුවන්නම් නියෝජ්‍ය ආරක්ෂක ඇමති , අගමැති , ජනාධිපති එහෙම වගඋත්තරකරුවෝ වෙන්නේ නැද්ද එතකොට ?
රටේ ලොකු ලොකු මිනිස්සු මොන තරම් වරදක්ද මේ කළේ? අසරණ අහිංසක කිසිම දෙයක් නොදන්නා මිනිස්සු ටිකක් නිකරුනේ නැති වෙලා ගියා.. පෞද්ගලිකව මට නම් සමස්ත රටේ පාලන තන්ත්රයත් නීති පද්ධතියක් පිළිබඳ විශාල කලකිරීමක් තියෙන කෙනෙක්... කොහොම වුණත් ඔය ලොකු මිනිස්සු මහ අකුණු ගහන වෙලාවට එළියට බහින්න එපා.. සොබාදහමෙන් හරි දඬුවම් ලැබෙනවා..
පොලිසිය භාරව සිටි ජනතා කැමැත්තක් නැති දෙනියාය පැත්තේ කෙනාට ඇමතිකමයි .අගමැතිගේ පරිවාර නිළධාරි කමයි .අගමැති කාර්යය මණ්ඩල ප්‍රධානී තනතුරයි දුන්නම කලයුත්තේ කුමක්ද නොකල යුත්තේ මොකක්ද හිතාගන්නවත් බැරිවෙන්න ඇති.ඔහුගේ අකාර්යක්ෂම බවත් පාස්කුදා සිද්ධියට හේතු වුනාද කියා හිතෙනවා