IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘

(අංජුල මහික වීරරත්න)

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත් ආරක්ෂක සහ සෞඛ්‍ය අංශවලටත් උපදෙස් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 දිනපතා සිදුවන  මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළ යාම රජයේ දැඩි අවධානයට යොමුව තිබෙන අතර එම අනතුරු වළක්වා ගැනීම සඳහා ස්ථීර වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කීවේ නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී  සිදු වූ බස් රථ අනතුරින් මියගිය ජනතාවගේ පවුල් වෙත සංවේගය පළ කිරීමේ ප්‍රකාශයක් කරමිනි.

අනතුරු සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කර ගැනීමට පවතින නීති ක්‍රියාත්මක කිරීමෙන් මෙන්ම රියැදුරන්ගේ ආකල්ප දියුණු කිරීම මගින්ද හැකියාව ලැබෙන බව විශ්වාස කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා  ඒ වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මේ වන විටත්  වැඩසටහනක් සැලසුම් කර තිබෙන බව කීය.



අදහස් (3)

‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘

Rasika Sunday, 11 May 2025 08:24 PM

අනේ මෙයා කිව්වේ නැත්නම් ඒ මිනිස්සු උපරිමය කරන්නේ නැතිවෙයි.

:       0       0

Perakum Liyanagama Monday, 12 May 2025 01:18 AM

අමුතුවෙන් වැඩපිලිවෙලක් මොකටද? තියන නීති රීති පරිදි කටයුතු කර මාර්ග නීති කඩන්නන්ට නිසි දඬුවම් දුන්නොත් ඇති...!

:       0       0

Che Monday, 12 May 2025 06:18 PM

දැන්වත් ලොරි චැසිවලට බොඩි ගහපු ළදරන් වලින් මිනිස්සු අදින් නැතිව මගී ධාවනයට ශක්තිමත් සැබැ බස් රථ යොදන්න. මාර්ග නීති දැඩිව ක්‍රියාත්මක කරන්න. රියැදුරන්ට නිසි විවේකය සහ පහසුකම් සපයන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25920 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18155 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10863 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 600 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 176 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 838 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site