(ඩයනා උදයංගනී)
දිවයින පුරා සිදුවූ බෝම්බ පිපිරීම්වලින් තුවාල ලැබූවන්ට පෞද්ගලික රෝහල්වලින් නොමිලයේ ප‍්‍රතිකාර ලබාදීමට පෞද්ගලික රෝහල් සංගමය එකඟ වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම රෝගීන්ට අවශ්‍ය ප‍්‍රතිකාර නොමිලයේ ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ඉල්ලීමකට අනුව පෞද්ගලික රෝහල් සංගමය මෙම එකඟතාවට පැමිණි බව එම අමාත්‍යාංශය ස`දහන් කරයි.
ඒ අනුව තුවාල ලැබූවන් රොහල් ගත වුවහොත් නොමිලේ ප‍්‍රතිකාර කිරීමටත්, සැත්කම් සිදු කිරීමටත් පෞද්ගලික රෝහල් එකඟත්වය පළ කර ඇත.
මෙවැනි අවස්ථාවක මුදලට වහල් නොවී පෞද්ගලික රෝහල් තම ඉල්ලීමට මෙලෙස ප‍්‍රතිචාර දැක්වීම ගැන ස්තූතිය පුද කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්..... පෞද්ගලික රෝහල් වලට ගරු කළ යුතුයි...