(නිපුන් ගරුක)
මෙරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත් තෙවන මත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාව තව මාස දෙක තුනක් තුළ ඇතිවන බවත් මේ වන විට ඒ සඳහා සාකච්ඡා පැවැත්වෙන් බවත් රිජ්වේ ආර්යයා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.
මේ වනවිට එන්නත් වර්ග පහක් පමණ මෙරට ලබාදී තිබෙන බවත්, තෙවන මාත්‍රාව ලබාදීමේ කාලසීමාව පැමිණෙන විට ලැබෙන එන්නත් ප්‍රමාණය සහ අනෙක් එන්නත් සමඟ දිය හැකි සුදුසු එන්නත් වර්ගය තෝරා ලබාදීමට කටයුතු කරන බව ජී. විජේසූරිය මහතා සඳහන් කළේය.
තෙවන මාත්‍රාව ලබාදිය යුතු පළමු කණ්ඩායම ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හඳුනා ගෙන තිබෙන බවත් ඉදිරියේදී බරපතල තත්වයක් උදාවුවහොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් බවත් ජී. විජේසූරිය මහතා පැවසීය.
එන්නත් ලබාදීම සිදුකරන්නේ විද්‍යාත්මක කමිටුවක තීරණ මත පමණක් බවත් කිසිදු අයුරකින් දේශපාලනික, බලධාරීන්ගේ බලපෑම් මත හෝ නිළධාරීන්ගේ ඉල්ලීම් මත එය සිදුනොකරන බවද ජී. විජේසූරිය මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත්කරණය කියන්නේ නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ වැඩක්. දැන්වත් උද්දච්චකම බිමින් තියලා දේශීය වෙදකමටත් තැනක් දෙන්න
මුලදී එකක් ප්‍රමාණවත් පසුව දෙකක් දුන්නා දැන් ඒකත් හරි. දැන් අපට තුනක් අවශ්‍යයි ඔබ අපට කියන දෙය පැහැදිලි නැහැ
කොවිඩ් වෛරසයට වැඩිම බලපෑමක් කළ හැකි සුපිරි එන්නත ඇමරිකාවේ ෆයිසර් එන්නත බවට මේ දිනවල මතයක් පැතිර යමින් පවතී. එය ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සුවිශාල දැනුමක් සහ අප්‍රමාණ දැක්මක් ඇති බව පෙනෙන වෛද්‍යවරුන් කිහිපදෙනකු විසිනි. සයිනොෆාම් එන්නත බලයෙන් අඩු එන්නතක් බවද ඔවුහු කියති. එසේම කොවිඩ් වෛරසය මර්දනය කිරීම සඳහා මේ රටේ මෙතෙක් ගසන ලද සියලූම එන්නත්වල බලය ප්‍රතිශතයක් වශයෙන් දැක්වීමට ද එම වෛද්‍ය කණ්ඩායම පියවර ගෙන ඇත.
ඕගොල්ලෝ දන්නේ එන්නත් ගෙනල්ලා බෙහෙත් කොම්පැනි ප්‍රවර්ධනය කරන්න