(සුජිත් හේවාජුලිගේ )
ඇමරිකාව කොවැක්ස් පහසුකම යටතේ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් අද පරිත්‍යාග කළ බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.
මෙම එන්නත් ජනතාවට කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
විදේශ රැකියා සහ විදේශයන්හි අධ්‍යාපනය සඳහා යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යුද හමුදා රෝහලේ දී ෆයිසර් එන්නත ලබාදීම මේ දිනවල සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටටම ෆයිසර් එන්නත ලබා දෙන්නට හැකියාවක් තිබුණේ නම් කෙතරම් අගනේද? බොහෝ දේශපාලකයින්, ඉහළ නිලධාරින්, මැති ඇමැති නෑදෑ හිතවතුන් ෆයිසර් ගසාගත් බවට ආරංචි පැතිර ගියා. ෆයිසර් ගහගන්න ඇවිත් ජනතාව අරගල කර ගන්නා අයුරු දුටුවා. රටේ වයසක මිනිසුන් මියගියාට කමක් නැහැ කියන මතයේ පිහිටා ද දන්නේ නැහැ ඒ මිනිසුන්ට ෆයිසර් එන්නත ලබා නොදුන්නේ... චීන එන්නත ගන්නවාට වඩා අඩු මිලකට එම එන්නත ලබාගැනීමට හැකියාව තිබියදීත්, එය එසේ අප රටට නොගෙනාවේ මන්ද? පිළිතුරු නොමැති වීම බලවත් ගැටළුවකි. අපේම අවාසනාව ...
මන් හිතන්නේ සයිනොෆාම් එන්නතට වඩා ෆියිසර් මිල වැඩි. මේක ගන්න ඩොලර් නැති නිසා චීන ණයෙන් චීන එන්නතම ගන්නවා.