(තරිඳු ජයවර්ධන)
සහකාර පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 49 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය කියයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරු කර තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරුන් 21 දෙනකු ද අද උදෑසන ස්ථාන මාරු කර තිබිණි.
මෙලස ස්ථාන මාරු කළ උසස් පොලිස් නිලධාරීන් අතර සහකාර පොලිස් අධිකාරීවරු 21 දෙනෙක් ද, පොලිස් අධිකාරීවරු 24 දෙනෙක් ද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු හතර දෙනෙක් ද සිටිති.
ස්ථාන මාරු කළ පොලිස් අධිකාරීවරුන් අතර කාන්තා පොලිස් අධිකාරීවරියක් ද සිටින්නීය. ඇය පොලිසියේ පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින්නීය.
මීට අමතරව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළු කොට්ඨාස රැසකට අලුතින් අධ්‍යක්ෂවරුන් පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd