
(ගයාන් සූරිය ආරච්චි)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුනකට අනිද්දා (12) සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇත.
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරු ලබා දී තිබේ.
ඒ අනුව ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී.ඒ.වී.ජේ.කරවිට මහතා ප්‍රජා පොලිස්, සංචාරක හා ආයෝජන තනතුරේ සිට අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.
එමෙන්ම නියෝජ්‍ය පොලිස්පති පී ලියනගේ මහතා බස්නාහිර පළාත (රථ වාහන) නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර (උතුර) භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරටත්, නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න මහතා රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ රාජකාව ඉටු කිරීමටත්, නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න මහතා කෑගල්ල දිසාවට අමතරව රත්නපුර කොට්ඨාසයේ රාජකාරී ඉටු කිරීමටත් පත් කර ඇත.
2025 නොවැම්බර් මස 17
5
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
855
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තවත් පොලිස් ලොක්කෝ තුනකට ස්ථාන මාරුවීම්
රම්බොඩ Monday, 10 February 2025 09:38 AM
දේශපාලනීකරණය නතරවී මෙටා මාලිමාකරණය උදාවී ඇත. අනෙක් සියල්ලන්ට වහලුන් කියන , බයියන් කියන අධික බුද්ධිමත් , ඉතා අපක්ෂපාතී , කිසිවෙකුටත් අන්ධව කඩේ නොයන , කිසිවෙකුගෙත් ආකල්ප වලට ගරු නොකරන , පරුෂ වදනින් බැන වදින ,එකී නොකී බොහෝ නාම විශේණ වලින් හැඳින්විය හැකි නිර්ලජ්ජිත ජන සමූහයක් වේද ඔවුනට මේවා දැකිය නොහැක.
Asanga Monday, 10 February 2025 09:47 AM
මේවා ලස්සන දේශපාලන පලිගැනීම්....
රුවන් Monday, 10 February 2025 11:12 AM
දේශබන්දු වගේ අය හොදයි ලු. දුෂිත නිලධාරීන් නැත්තං පොලිසිය වැඩක් නෑ ලු
අරවින්ද මොණරවිල Monday, 10 February 2025 03:15 PM
නිල මැස්සාට මල් පැණි අගේ නැත... එයා වහන්නේ අසුචි ගොඩවල් මතයි. සමහර ටොයි බයි වහලුන්ද ඒ වගේයි. යහපත් දේ නිවැරැදි දේ අගේ නැත හොරකම, වංචාව හා දූෂණයම අගේ කරති...!