(රෝෂන් තුෂාර)
ඉසිමග ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම නමින් නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා කළේ යැයි කියන එම සමාගමේ සැකකාර අධ්‍යක්ෂකවරුන් අට දෙනකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ කරණු දක්වමින් අද(08)පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සමාගම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත්,සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගොස් ඇති මෙම මූල්‍ය ආයතනය සම්බන්ධයෙන් අගතියට පත් තැන්පත්කරුවන් රැසක් පැමිණිලි කර ඇති බවද සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් වහා අනාවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් විමර්ශණ ගොනුව බහාතැබීමට නියෝග කළාය.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තවත් පිරමීඩාකාර සමාගමක් ගැන විමර්ශන
m. saman perera Wednesday, 08 January 2025 06:48 PM
මේවට අහුවුණේ, ඉක්මණට පෝසත් වෙන්න ගිය දුප්පත් මිනිස්සු.
බකල ජයා උපාසක රාල Wednesday, 08 January 2025 07:34 PM
හොරෙන් උපුටාගැනීමකි: "ආනන්ද සර්පයා දුටුවාද?"
දසුන් Wednesday, 08 January 2025 08:21 PM
මෙවැනි පිරමීඩ ගැන තොරතුරු දෙන්න නම්බර් එකක් දාන්න...
ජිල්බු Thursday, 09 January 2025 01:18 PM
මේ සමාගම් වෙන හැඩේකින් එන්නෙම නැද්ද? පීරමීඩ ෂේප් එක දැන් හරිම බෝරිං.