(යොහාන් භාසුර)

වියළි කාලගුණය අඛණ්ඩව පැවතීම නිසා මහනුවර සහ මොණරාගල දිස්ත්‍රික්කවලට පානීය ජල සැපයුම සීමා කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය උසස් නිලධාරියෙක් පැවසීය.

දිස්ත්‍රික්ක කීපයක පානීය ජල සැපයුම මේ වන විට සීමා කර ඇති බවත් ප්‍රදේශ කිහිපයක ජලය බෙදාහැරීම මුර ක්‍රමයට ක්‍රියාත්මක වන බවත් එම නිලධාරියා කීය.

ඉහළ ජල පරිභෝජනයක් ඇති කුරුණෑගල නගරයට ජලය බෙදාහැරීම මීට පෙර සීමා කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.