(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් දෙදෙනකු ඊයේ (6) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 16,488 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය දෙදෙනා වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර පිරිමි අයකු සහ කාන්තාවක් ‍මෙසේ මියගොස් ඇති බව එම වාර්තාවේ දැක්වේ