IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


තවත් අරාබි සහන යානා දෙකක් දිවයිනට

 

(අංජුල මහික වීරරත්න)

මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, හදිසි ආධාර රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තවත්  මානුෂීය සහන ගුවන් යානා දෙකක් ඊයේ (02) රාත්‍රීයේ මෙරටට ළගා විය.

මෙලෙස පැමිණියේ C-17 වර්ගයේ ගුවන් යානා දෙකකි. මුදා ගැනීමේ බෝට්ටු දෙකක්, K9 වර්ගයේ සෝදිසි කිරීමේ සුනඛයින් හතර දෙනෙකු, ඩබල් කැබ් සහ SUV වැනි මුදා ගැනීමේ රථ, ට්‍රක් රථ සහ පුද්ගලයන් 53 දෙනෙකුගෙන් සමන්විත විශේෂ නාගරික සෙවුම් සහ මුදා ගැනීමේ (USAR) කණ්ඩායමක් ඇතුළු අත්‍යවශ්‍ය ආපදා ප්‍රතිචාර උපකරණ ඔවුහු රැගෙන ආහ.

කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති  ඛලීඩ් නසීර් අල්අමේරි (H.E. Khaled Nasser AlAmeri) මහතා සහ එමිරේට්ස් සහන කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය හමූද් අල්ෆාරි (Dr. Hamood Alafari) මහතා විසින් මෙම ආධාර තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා බලධාරීන් වෙත බාර දෙන ලදී.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැද පෙරදිග අංශයේ සහකාර අධ්‍යක්ෂිකාවන් වන ඉෂාරා ද සිල්වා සහ දිනුෂිකා දසනායක යන මහත්මීන් විසින් මෙම භාණ්ඩ තොගය බාර ගන්නා ලදී.

ඊයේ සහ පෙරේදා දිනයන්හිදී ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර තොග රැගත් ගුවන් යානා  මෙරටට ළගා විය.

මෙම තීරණාත්මක හදිසි අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වන කඩිනම් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය කෘතඥතාව පළ කර ඇත.

 



අදහස් (3)

තවත් අරාබි සහන යානා දෙකක් දිවයිනට

Razmi Wednesday, 03 December 2025 09:22 AM

කෝ බන් මේ ඊශ්‍රායලය

:       2       3

fairoos Wednesday, 03 December 2025 12:57 PM

අපිට එපා මුස්ලිම් අයගේ ආධාර... අපි යක්ඛ පුත්තු...

:       2       1

සිංහල නිංජා Wednesday, 03 December 2025 01:58 PM

ලගදීම අරාබි වසන්තය ඌදාවෙලා. සිංහල අපිට යන එන මන් නැතිවෙයි.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 201 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site