
(යොහාන් භාසුර)
තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයන් ලක්‍ෂ 6 කට ආසන්න සංඛ්‍යාවකට ඉදිරි සති දෙක තුන තුළ රියදුරු බලපත්‍ර කාඩ්පත ලබාදීමට කටයුතු කරමින් සිටින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා නිශාන්ත වීරසිංහ මහතා අද (31) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 10 ක් ඉදිරි සති දෙක තුළ ලැබීමට නියමිත බවත් ‘චිප්’ එක සහිත පැරණි කාඩ් ලක්‍ෂ 5 ක් සහ කිව්.ආර්. කේතය සහිත නව කාඩ් ලක්‍ෂ 5 ක් ලෙස කාඩ් වර්ග දෙකකින් එම කාඩ් තොගය ලැබෙන බවත් වීරසිංහ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd