(අංජුල මහික වීරරත්න)
රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඉදිරි මාස තුනක කාලයක් සඳහා බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය වෙළඳපොලේ බිත්තර මිල ස්ථායීකරණය කිරීමේ අරමුණින් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථා මඟින් මිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දියාවේ සමාගම් තුනකින් මිල ගණන් කැඳවා ඇත.
එකී මිල ගණන් මත පදනම් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන මෙලෙස බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තර ගේන්න අනුමැතිය ගන්න ඕනේ. අනුමැතියක් නොමැතිව කුඩු ගේන්න අනුමැතියක් දීල ලංකාව කුඩු රජදහනක් කරලා.
කෑමට ගන්න බිත්තරෙත් පිට රටින් ගේනවා. මෙහෙම කරල මේරට තවත් පල්ලමටමයි වැටෙන්නෙ.
බිත්තර ව්‍යාපාරිකයින්ගේ මාෆියාව බිද දැමීමට සුදුසුම ක්‍රමය තමයි මේ. පුලුවන්නම් ටික කලකට රජය පාඩු ලබාගෙන හෝ ආනයනික බිත්තර කව අඩුවට දෙන්න බලන්න.