
(ශාන්ත චන්ද්‍රසිරි සහ රංජිත් රාජපක්ෂ)
දින 22කට පෙර අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා හා පාසල් සිසුවා ගාල්ල, මීටියාගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී අද සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි.
තලවකැලේ, ග්‍රෙස්වෙස්ටන් ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනා හා 14 හැවිරිදි පාසල් සිසුවා පසුගිය මස 14 දින සිට මෙසේ අතුරුදහන්වූ අතර පොලීසිය දැඩි පරිශ්‍රමයක් දරා සොයා ගෙන තිබේ.
මෙම අතුරුදහන් සිසුන්ගෙන් පිරිමි සිසුවා හා එක් සිසුවියක සොහොයුරන් වන අතර , අනෙක් සිසුවියන් දෙදෙනා ඔවුන්ගේ නිවාස ආශ්‍රිතව පදිංචි වෙනත් පවුල් දෙකක අය බව පොලීසිය කියයි.
දුරකතන දත්ත වාර්තා විශ්ලේෂණය කරමින් මෙම සිසුන් සිව් දෙනා ගාල්ල, මීටියාගොඩ ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරු මත පොලීසිය සිදු කරන ලද විශේෂ විමර්ශණවලින් අනතුරුව ඔවුන් සොයා ගත් බව තලවකැලේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත පෙරේරා මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තලවකැලෙන් නැති වූ දරුවන් මීටියාගොඩින් හමුවේ
Sarasi Sunday, 04 August 2024 05:52 PM
උනුත් ගෙවල් වලටම හිරවෙච්ච ලමයි වෙන්න ඇති. ආසාවට ඇවිදින්න හිතෙන්න ඇති. ආරක්ෂිතව ඉන්නවා නම් ඇති.
රංබොඩ Sunday, 04 August 2024 06:34 PM
මේ ළමයින් දැඩි ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන වගක් තමයි තියෙන්නේ. නීතිය ඉදිරියේ ඔවුන් කබලෙන් ලිපට වැටෙනවා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන බලන්න ඕනෑ. තාම ඉගෙන ගන්න වයස...
Lalla Sunday, 04 August 2024 09:43 PM
සඟවාගෙන සිටියේ කව්ද? කුමකටද? සැලසුම කාගේද? ඒකයි අවශ්‍ය තොරතුරු...