(ශාන්ත චන්ද්‍රසිරි)
දිනකට කැඩිය යුතු තේ දළු ප්‍රමාණය පහත දමන ලෙස ඉල්ලමින් තලවකැලේ ලිඳුල අපක්‍රැන්ලි වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද (15) විරෝධතාවයක නිරතවූහ.
දිනකට තේ දළු කිලෝ 16 ක් කැඩිය යුතු වුවත් පැවැති දැඩි නියඟය හේතුවෙන් ප්‍රමාණවත් තේ දළු වතුයායේ නොවැඩීම හේතුවෙන් එම ප්‍රමාණය කැඩීම අසීරුවී ඇති බවත් දිනකට කැඩිය යුතු තේ දළු කිලෝ ප්‍රමාණය අඩු කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවෝ මෙසේ වතුයායේ තේ දළු එකතු කරන මධ්‍යස්ථානය අසලට එක්රැස්ව විරෝධතාවයේ නිරතවූහ.
දිනකට නියමිත තේ දළු ප්‍රමාණය නොකැඩීම නිසා තම වැටුප අඩුවෙන් ලැබෙන බවත් එසේ වැටුප් අඩුවීම නිසා තම පවුල් නඩත්තු කරවීම අසීරු තත්ත්වයකට පත්ව ඇති බවද විරෝධතාවයේ නිරත වතු කම්කරුවෝ පැවසුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තම සැබෑම කම්කරු ප්‍රශ්න... මේවට අදහස් දක්වන්න කවුරුත් නැ. කව්රුහරි අත්අඩංගුවට ගත්තොත් හරි අමාරු පිරිසක් ඉන්නවා. මේ අමාරු වෙලාවේ මේ අහිංසක මිනිසුන්ට සහනයක් දීමට ඔව්න්ගෙන් චන්ද ගත්ත බත්කන බුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා...
තේ කර්මාන්ත රඳා පවතිනුයේ දළු ප්‍රමණය හා දලුවල ප්‍රමිතිය මත පමණි. එහෙයින් මේ මිනිස්සු කියන දේ නම් අවම දළු කිලෝ 16ක් කැඩිමට බැරිනම් ඒ වැඩ කරන කෙනාගේ පඩිය ආවරණය නොවෙන බවයි. ඇත්තටම ඒ පඩිය හැදෙන්නේ දෙන දළු මත මිසක් රාජ්‍ය සේවකයි මෙන් අයිස් ගැසුවාට නිකන් ඉඳලා පඩිය ගෙවීමට වතු සමාගම් වලට නොහැකිවෙන්නේ දළු ප්‍රමාණය හා ප්‍රමිතිය මදි වීමෙනි. මේ අනවශ්‍ය වෘත්තීය සමිති අසරණ මිනිස්සු අවුස්සා දේශපාලනය කිරීමක් මිස වෙන කිසිවක් නොවේ. මෙවන් දේවලින් කර්මාන්තය වැටුනොත් ඔය කිසිම දෙයක් ඉතුරුවන්නේ නැත.
සාධාරණ උද්ඝෝෂණයක්.