(අංජුල මහික වීරරත්න)
ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා නම් එයින් ලංකාවට සිදුවන බලපෑම වැළැක්වීමට ගතයුතු පියවර ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු අතරම ශ්‍රී ලාංකිකයන්ට ඇෆ්ගනිස්තානයට ගමන් කිරීම නතර කිරීමට ක්‍රියා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (19) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
දැනට තලේබාන් පාලනය පිළිනොගෙන අනාගතය දෙස බලා තීරණයක් ගත යුතු බව තම අදහස යැයි කී වික්‍රමසිංහ මහතා බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලේබාන් සංවිධානය පිළිගත්තොත් මේ කලාපයෙන් නැතිකළ ත්‍රස්තවාදය නැවත ඇති කිරීමට එය උපකාර කිරීමක් වන බවද සඳහන් කළේය.
තලේබාන් කණ්ඩායම මීට පෙර ඇෆ්ගනිස්ථානය පාලනය කළ අවස්ථාවේදී ජිහාඩ්වාදී ත්‍රස්තවාදී කණ්ඩායම් ගණනාවක් ඊට රැස් වු බවත් සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකා ප්‍රහාරය එල්ල කළ අල් කයිඩා සංවිධානය ක්‍රියාත්මක වුයේත් ඇෆ්ගනිස්ථානයේ සිට බවත් සිහිපත් කළ හිටපු අග්‍රාමාත්‍යවරයා දැන් තලේබාන් ආණ්ඩුවක් යටතේ ඇෆ්ගනිස්ථානය නැවත ජිහාඩ්වාදින්ගේ මධ්‍යස්ථානයක් වේදැයි සැකය කාටත් තිබෙන අතර ඒ ගැන ලංකාව ද විශේෂයෙන්ම මතක තබා ගත යුතු බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට සිදුවන බලපෑම වැළැක්වීමට ගතයුතු පියවර ගැන අවධානය යොමු විය යුතු බව ලංකාව විශේෂයෙන්ම මතක තබා ගත යුතු බව පැවසීය.
නැතුව නැතුව ,අපි පාස්කු ප්‍රහාර වළක්වන්න කරපු විදියම කලාම ඇති
කටින්ද කතා කරන්නේ ?පාස්කු ප්‍රහාරය කාලේ මෙයා හිටියේ කොහේද දැන් නෑ
මෙයා දැන් බොරු ජාති ආලයක් පෙන්නලා ඡන්ද බලාගෙන.?
ඒකත් බලමුකෝ
තලෙයිබාන් අපිටත් වඩා දියුණු වෙනවා ඒකාන්තයි. පුළුවන් නම් සමගියෙන් ඉන්න.. ණයක් හරි ඉල්ලගන්න පුළුවන්.. අනුන්ට කියනවා ලංකාව පහතට දාලා...
බොහොම ස්තුතියි මේවා කියලා දුන්නාට... මීට කළින් දැනගෙන හිටියේ නැහැනේ... අනේද කියන්නේ...!!!
අම්මෝ මොනවා බොනවද මන්දා . නැත්තං නාකි වැඩි කමට මැන්ටල් ද මන්දා ...
ගෙදරට ඇවිත් ගහනකන් දැනන් නොසිටි අය
කමල් බණ්ඩාර මල්කැකුලගේලා කතාකරන්නේ මේ දිනවල තලෙයිබාන්ලා කරන දේවල් රූපවාහිනීයෙන් වත් නොදැකයි.. පාස්කු ප්‍රහාරය වෙලාවේ මෙයාට රටේ දෙවන පුරවැසියා ලෙසට ආරක්ෂක කමිටුවකටවත් එන්න නොදුන්නේ හිටපු ජනාධිපති අඩු ගණනේ ආරක්ෂක ලේකම්වරයාට සාකච්ඡාවට එන්න දුන්නේ නැහැ. අගමැතිට සිදුවුණා ආරක්ෂක ලේකම්වරයා ළඟට යන්න... එහෙම කරලයි මෙතුමා ඒ වෙලාවේ රට බේරගත්තේ. බලන් හිටපල්ලා තලෙයිබාන්ලා මොනවද කරන්නේ කියලා...
මෙයාට පිස්සු,පාස්කු ප්‍රහාරයවත් ගොඩදාගන්න බැහැ...
මේ කතාවේ ඇත්තකුත් තියෙනවා. දැනට තිබෙන තත්ත්වය අධ්‍යයනය කළ යුතුයි. ආසියාවේ ඇමරිකන් කඳවුරු බිඳ වැටෙමින් තියෙනවා. අනිවාර්යයෙන්ම චීනය තම සේද මාවත ක්‍රියාදාමය දැන් ශක්තිමත් කරනවා. ඔවන් ඇෆ්ගනිස්ථානය හරහා යුරෝපය දක්වා වෙළඳ ආක්‍රමණයකට සැළසුම් හැදුවේ අවු.10කට විතර පෙර. දැන් එය ක්‍රියාත්මක කිරීමට මග පෑදී තියෙනවා. දැනටමත් ඇෆ්ගනිස්ථානය තුළ අධිවේගි මාර්ග හදන්න කැමැත්ත පළ කර තියෙනවා. පාකිස්තානයත්, රුසියාවත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඉන්දියාව තනි කරනවා. දැන් ඉතා ප්‍රබල ලෙස ඉස්ලාම් රාජ්‍ය පැතිරවීමේ අවකාශ තිබුණත් චීනය සහ රුසියාව ඒ ගැන අවධානය යොමු කරන එකක් නැහැ.
මම මේ කල්පනා කරන්නේ, බලය දෙන්නේ නැතුව රට පාලනය කරන්න ක්‍රමයක් හදන්න පුළුවන්ද කියලා. බලය නැතිකොට හොඳ අදහස් එනවා. බලය උපරිමයෙන් තිබිලා අපේ සර්ගේ වැඩ දැක්කාම ඒ බව තහවුරු වෙනවා.
තලෙයිබාන් කියන්නේ ඔහෙලා වගේ හොරු නෙමෙයි..!!!
මම කොහෙන්ද හිනා වෙන්නෙ ...
සමහරු රටේ හීනෙන් ඇවිදිනවා.
අද වගේ එදා ඔයා අගමැති ධුරය දරනකොට මෙහෙම කල්පනා කළා නම්.., පාස්කු ප්‍රහාරය වළක්වන්න තිබුණා. අගමැති ධුරය ලැබුණු ගමන් රටේ ආරක්ෂාව අමතක වුණා...
මේ පරණ අගමැති සහ ජනපති බොම්බ සිද්ධියට සිරගත නොකොට පොලිස් නිලධාරීන් පමණක් නාමිකව අත් අඩංගුවට ගැනීම වැරදියි නේද? ඇරත් දුමින්ද පවා එලියට අරන් තානාන්තර දී රජයේ සාමාන්‍ය නිලධාරීන් බිලී දී සියලු දේශපාලඥයන් ෂේප් වෙන්නද හදන්නෙ? මේ කට්ටි දෙක යාළුයි කියන්නෙ ඇත්ත.
ඔය තලේබාන් ත්‍රස්තයන් වැනසීමට කල යුතු එකම සහ අවසාන ක්‍රමය මෙන්න. අද උන් තුවක්කු බර ආයුධ තියාගෙන මහා උජාරුවට අර අහිංසක මිනිස්සුන්ව බය කරගෙන සිටියට ,නගර වලදී තව ටික දිනකින් කොවිඩ් ඩෙල්ටා වයිරසය ඕකුන් අතර පැතිරෙනවා. මම නම් හිතන්නේ නැහැ ඕකුන් කිසිම එන්නතක් අරන් ඇති කියල. අන්න එදාට උන්ට තුවක්කු අතේ තියාගෙන මැරෙන්න තමයි වෙන්නේ. එතැනදී ජාත්‍යන්තර ප්‍රජාව අනිවාර්ය කොන්දේසියක් දාන්න ඕනි එන්නත දෙන්න නම් උන් සතුව තියන සියලු ආයුධ බාර දෙන්න එහෙම නැතිනම් උන්ට මැරියල්ල කියල.
මේවා අහලා පන පලයන් පෙරදා කිව්වලු. හම්බයෝ එළිපිට ප්‍රහාරයකට සුදානම් වෙද්දී ඊට පසු ප්‍රහාරය වෙන ස්ථාන, දිනය, වෙලාව, මේ සියල්ල ලෝකෙන් කියලා දැනගෙන බුදියන් ඉඳලා අපිට කියනවා අවදියෙන් ඉන්න කියාලා. එයාට බුදියගන්න වෙන්න ඇති
තලෙයිබාන් කාරයන්ගෙන් හරි කමක් නෑ ලෝන් එකක් දෙනවනම් ආණ්ඩුව මුන්ව ලොකුවටම පිළිගනී .අර මියන්මාරේ හමුදා පාලනය පිළිගත්තා වගේ
ඇත්ත වශයෙන්ම මෙය දූර දර්ශි අනතුරු ඇඟවීමකි .දේශපාලන අන්ධයන්ට ඒ බව නොපෙනේ !