
(සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතු කෝරළ මහත්මිය ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද ඒ බව කතානායකවරයාට ඊයෙ වන විටත් නිල වශයෙන් දැනුම් නොදීම හේතුවෙන් මීළඟ මන්ත්‍රීවරයා පත්කිරීම ගැටලුවක්වී ඇත.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ තලතා අතුකෝරල මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නැති හෙයින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුරප්පාඩුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට නොහැකිවී ඇති බවයි.
අතු කෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා දීර්ඝ ප්‍රකාශයක් කරමින් සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බව සඳහන් කළාය.
තලතා අතු කෝරළ මහත්මියගේ අස්වීමෙන් පුරප්පාඩු වන සමග ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතා පත් කිරීමට නියමිත බව වාර්තාවේ.
අතු කෝරළ මහත්මියගෙන් පසු එම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ පරණවිතාන මහතාය. ඔහු පසුගිය මහ මැතිවරණයේදී ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 36787කි
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තලතා ලිවුම නොදී ගෙදර ගිහින්
B Amarasinghe Friday, 23 August 2024 04:48 AM
ඕක දෙන්නෙ නෑ ඡන්දෙ ඉවරවෙනකම්.පඩ ෂෝ
Janaka Paranamama Friday, 23 August 2024 05:42 AM
ඕවාට කියන්නේ වයර් ශෝට් වෙලා කියලා...
වීදුර වික්‍රම Friday, 23 August 2024 07:18 AM
මේ අය මේ සෙල්ලම් කරනවා... බොරු කර කර.. ඔක්කොම වරප්‍රසාද දුන්නා.. අපෙ සල්ලි එක්ක මොවුන් ගේම් ගහනවා.. අමන සත්තු...
අරවින්ද මොනරවිල Friday, 23 August 2024 08:06 AM
කතානායක ගැහැණු ගැටයකට අහුවෙලා වගෙයි...!
මැක්ස් Friday, 23 August 2024 08:41 AM
චම්පිකගේ චක්ගෝලයාගේ පාර්ලිමේන්තු හීනය බිඳ වැටේද?
ගල්බොඩ Friday, 23 August 2024 08:55 AM
ඔව්වා නිකං සංදර්ශන. පව්, කරූ අරහේ සූට් එක මදිනවා ඇති...!
Nimal 1 Friday, 23 August 2024 09:02 AM
මේ අය නිතරම කළේ ජනතාව බොරුවෙන් සහ ප්‍රෝඩාවෙන් ජනතාව මුලා කිරීම...
Kazi Shajahan Friday, 23 August 2024 09:19 AM
ඒකත් හොඳයි .කොහොමත් ඔය පාලිමන්ට් එකේ තියෙන්නේ සැප්තැම්බර් 22 වෙනකොට විසුරුවන්නනේ .තව කෙනෙක් අරගෙන කාර් පර්මිට් ,සැලරි ,ඉන්ධන දීමනා දෙන්න වෙනවා නේ
Bunny Preena Friday, 23 August 2024 09:21 AM
මොනවා හරි යටි අරමුණක් තියන බවට හොඳටම පැහැදිලියි . සාමාන්‍ය ජනතාව ගොනාට අන්දවපු කාලය ඉවරයි නෝනා
ලසන්ත Friday, 23 August 2024 01:30 PM
සාගත දුකින් මුදවා රට කරන සරි.. කීවා හරිම උද්යෝගෙන් කොහොම හරි.. ආටෝපයෙන් බැබළෙද්දී මෝඩ නරි.. කා එක්කලා දෙසුවත් බණ වැඩය බැරි ... - ලිහිණියාගේ, ගිජුලිහිණි සංදේශය