(නිමල කොඩිතුවක්කු)
ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බැවින් මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.
පෙට්‍රල් ඩීසල් ඇතුළු සියලූම ඉන්ධන ලබන අප්‍රේල් මාසය දක්වා ඇනවුම් කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.
මෙරට තුළ ඉන්ධන අලෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30000ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමග නවත හැරවා යැවීම සම්බන්ධයෙන් රජයේ පැවැති දෙපාර්තමේන්තුවේ ඊයේ(12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
එම තෙල් නැව හරවා යැවීමෙන් රටට කිසිදු බලපෑමක් නොමැති බවත් එම සමාගමේ අභ්‍යන්තර ගැටලුවක් හේතුවෙන් එම තෙල් නව නැවත හරවා ගොස් ඇති බවත් සභාපතිවරයා පැවසීය.
එම නෞකාව තුළ පෙට්‍රල් මේට්‍රික් ටොන් පහළොස් දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් පාලොස් දහසක් පැවැති බවත් ඔහු සඳහන් කළේය. තෙල් නව හරවා යැව් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් සඳහා ලංකා ඛනිජතෙල් සමාගම මගින් ඉන්ධන ලබාදෙන බවත් සභාපතිවරයා පැවසීය.
රටේ අඛණ්ඩ තෙල් සැපයුම වගකීම ඛනිද තෙල් සංස්ථාව භාරගන්නා බවත් කිසිදු බලපෑමකින් තොරව තෙල් සැපයුම අඛණ්ඩව ලබාදෙන බවත් රාජකරුණා මහතා පැවසීය.
එම නෞකාව ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් හරවා යැවූ බවත් රට තුල ඉදිරියේදී ඉන්ධන හිඟයක් මතුවිය හැකි බවත් පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් සභාපතිවරයා තවදුරටත් කීවේය.
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂ කණ්ඩායම්වලට හිමි විය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘තෙල් හිඟයක් නෑ‘‘
සෙනෙවිරත්න Friday, 13 December 2024 12:51 PM
අපරාදේ අපි හිතුවේ තෙල් හිඟ වෙයි කියලා, මම කීප දෙනෙකුටම කිව්ව තෙල් හිඟයක් වෙනවා තෙල් ගහ ගන්න කියලා, මේක මගේ කතාවක් නෙවෙයි... අපේ ගමේ සජබෙ ගැහැණු කෙනෙක් ගෙවල් ගානේ ගිහින් කියපු කතාවක්...